දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බලසේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. "රසවාහිනිය" නම් ධර්ම ග්‍රන්ථයේ සදහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භාවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු දිනෙක ලක්දිවට නො පැමිණී හෙතෙම උන්මාදනීය යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහිද, මායාවෙහිද වෙලී බැදුනු සිද්ධි දාමයක් "මහේසාක්කිය" නව කථාවට ප්‍රස්තූතය වී ඇත .
Mahe Sakkiya - මහේ සාක්කිය
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Shantha Bannaka - ශාන්ත බන්නක
- ISBN: 9786245865000
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70