ගිනි අවිය උර දරා
මල් මැවූ මිනිසා.!.***
මහජන බැංකුවේ මුල්ලක
පර්චස් දෙකක අල්ලක
ස්වර්ගය එලාගත්..
ඒ සොඳුරු මිනිසා..
මල් උයනේ යෝධයා මෙන්
හදිසියෙන්..
මතුවෙයි ...
නැමීගෙන..
මුර කුටියෙ පුංචි දොර කවුළුවෙන්..
දෙපසට පීරාගෙන..මල් අහුරු..!
ටෙලර් යන්ත්‍රය..
නුහුරු අතකට..
අත දෙන්න ඉක්මන් ය..ඉසියුම් ය..
ඔහු අත්..!
මහළු අම්මා කෙනෙකුට..
අත්වාරු සලසන..
සවිමත්ය ඒ අත්..!
තණ පලසෙහි වැතිර..
සිඟිති පැටවුන්..ලොවා නහවන
සුදු පැහැති බැළලිය..
අසයි හිස ඔසොවා..
වරින් වර..ඔහුගෙන් ..
මහත්මයා ,
"වේලාසන වැඩිද කෑමට?"
කළු පැහැති උඩු රැවුල යට..
මද සිනාවකි නිතර රැඳවූ..!!
ගිනි මකරෙකු සේ දහවල
දුම් පිඹින නගරය..
වසන් කොට..
එකපැහැර මවා ලූ..
තුසිතයක් විය ...
එතැන එදවස..!!
සතුන් ,මිනිසුන්.මතු නොව
ගහකොළද නිවාලූ.!
Mal Mewu Minisa - මල් මැවූ මිනිසා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Suharshini Dharmarathne - සුහර්ෂිනි ධර්මරත්න
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246625078
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 45