• Mata Kiyanna Deyak Naha - මට කියන්න දෙයක් නැහැ

 කෝ අපේ සෙවණැල්ල 


අහිතකර ප්‍රාර්ථනා වායුවෙන් පිරුණු 

ජීවන බැලූනයක නාග සේපියන්ස්වරු 

දින අසුවකින් ලෝකය වට ගියේ නැත.


තැන් තැන්වල නටබුන් වුණු හීන ය 

පුරාවිද්‍යාවට ඒවා හසුවන්නේ නැත.

තුරු ගොත් සංහාරයක මරණ සහතික 

ලියති අන්දමින් විද්‍යාඥයෝ - මානව 


"තම්බපන්ණියේ වැලිවල 

සිංගප්පුරු නාවික විස ඇත."

කැස්බෑ විද්‍යාල උගන්වයි පැටවුන්ට 


අයෙක් ලියති පර්යේෂණ පත්‍රිකා 

පබළු කළ වින ගැන තම සොයුරන්ට 


කඩිමුඩියේ අහසින් බැස සඳ

සොයයි තම සෙවණැල්ල ගංදියේ කිමිද 


ඉර එළියකුදු දෙපාරක් වැටෙන්නට හිතන 

බිමකින් සොයනු කොයි කළුපාට සෙවණැල්ල ? 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha