"හරියට කළු පාට පිළිමයක් ඇවිදින්නාක් මෙන්, මා ලංකාවේදී දැක්ක ලස්සනම ගැහැනිය නිවස පිටුපසට පැමිණියාය.ඇය සැඩොල් කුලයේ දෙමළ ස්ත්‍රියකි. ඇය රතු සහ රන්වන් පාටැති ලාබ සාරියක් ඇඳ සිටියාය. ඇගේ නිරුවත් වළලු කරෙහි බරැති වළලු දමා තිබිණි . ඇගේ නාසය දෙපැත්තෙහි පුංචි රත් පැහැති තිත් දෙකක් දිලිසිනි. ඒවා සාමාන්‍ය ගල් වෙන්නට ඇති . එහෙත් ඔවුනට නම් ඒවා පද්ම රාගය. ඇය සාර සුබාවට වැසිකිළිය වෙත ඇවිද ආවේ මා එතන සිටීම මායිම් නොකොට, ඇස් කොනකින්වත් මදෙස නොබලමිණි. අනතුරුව ඇය එතනින් අතුරුදන් වූයේ අර ජරා පනිට්ටුව හිස මතින් ගෙන, දෙවඟනක මෙන් පා තබමිනි. ඇය කොතෙක් සුන්දර වූවාද යත් ඇගේ රස්සාව කුමක් වුවත් මට මගේ සිතින් ඇය අයින් කළ නොහැකි විය. කුලෑටි කැලෑ සතකු මෙන් ඇය වෙනස්ම වූ ලෝකයකට අයත් අමුතුම කෙනෙකු විය. ඉන්පසුව මම ඇය යන මග සාරියක් හෝ යම් පළතුරු කිසිවක් හෝ ඇයට ගැනීම පිණිස තැබුවෙමි. ඇය ඒ දෙසවත් නොබලා පියමන් කර ගියාය. නිතිපතා සිදුවන එම නීච කාර්ය ඇගේ කළු සුන්දරත්වය විසින් උපේක්ෂා සහගත රැජිනියක යටහත් පහත්ව ඉටු කරන වතාවතක් බවට හරවා ඇත.
එක් උදෑසනක මෙහි කෙලවරක් දැකීමට මම තීරණය කලෙමි. මම ඇගේ මැණික් කටුව දැඩිව ග්‍රහණය ට ගෙන ඇගේ ඇස් වලට එබී බැලුවෙමි. ඇය සමග කතා කළ හැකි බසක් නොවීය. සිනහවකින් හෝ තොරව ඇය මා සමග පැමිණි අතර ඉතා සුළු වේලාවක් ඇතුළත මගේ ඇඳ මත නිරුවත් වූවාය. ඇගේ සිහිනිගත්, පුපුරන්නට තරම් වන පුන් පියයුරුත්, ඇය දකුණු ඉන්දියාවේ අවුරුදු දහසක් පැරණි පිළිම වලින් එකක් බවට පත් කර ඇත . එය වූ කලී පුරුෂයකු සහ පිළිමයක සම්භෝගයක් විය. ඒ මුළු කාලය පුරාම ඇය ඇස් හායි ගා ඇරගෙන සිටියාය. ඇය මා පිළිකුල් කිරීම නිවැරැදි ය. එය නැවත සිදු වූයේ නැත."
Mata Mathaka Mama - මට මතක මම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Saman Wickramarachchi - සමන් වික්‍රමආරච්චි
- - Gabriel Garcia Marquez - ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස්
- - Biography - චරිතාපදාන
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553124432
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Asandhimiththa - අසන්ධිමිත්තා
2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි."පත්තරේ තමයි ලෝකේ අංක එකේ සරයලිස්ට් සා..
Rs. 575.00
Andun Divi Hinawa - අඳුන් දිවි හිනාව
Salman Rushdie විසින් රචිත The Jaguar Smile ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 300.00
Vinisuru Asuna - විනිසුරු අසුන
කලකට පෙර මුළු රටම කැළඹු සතාසිවම් මිනීමැරුම් නඩු විභාගයේ තීන්දුව නීතඥවරයෙකු තර්කනයේ ශූර බව ජයගත් අවස්..
Rs. 250.00
Dennek Noweyi Ekkenek - දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්
මම හැම විටම කරන්නෙ මොනවා හෝ ගැන සිතීම. හැබැයි සිතීම අනතුරුදායක යයි විටෙක මට සිතෙනවා. අනතුරුදායක ..
Rs. 200.00