මී පැණි සහ අළු Honey & Ashes
එරික් ඉලයප්ආරච්චි
ධර්මසේන පතිරාජගේ අප්රදර්ශිත ටෙලි සිනමා නිර්මාණයක තිර රචනාව ලෙස මෙය අනුවේදනීය ශෝක කාව්‍ය සිහිවටනයකි. අසාමාන්‍ය පසුතලය, අපූර්ව චරිත සහ පුරාවෘත්තමය මිනිස් සමාජ ස්පර්ශණය අතින් මේ හා සමාන සිනමාවක් මෙරට බිහි නොවුණු බව කීම අතිශෝක්තියක් විය නොහැකි ය.
තම සිනමා සලකුණ ව්‍යුහාත්මක මානවවිද්‍යා විභූතියකින් ප්‍රභාමත් කර ගන්නට රිසි වූ ධර්මසේන පතිරාජයෝ, ප්‍රකට මානවවිද්‍යාඥ ලෙව් ස්ට්‍රවුස්ගේ දකුණු ඇමරිකානු මිනිස් සමාජය වැන්නක් කල්පිටිය අර්ධද්වීපයේ ලුණු ලේවා හිමි පාරම්පරික මහම්මදිකයින් - මණ්ඩඩි ක්‍රමය සහිත සාමුහික ධීවර ප්‍රජාව - කුකුල් කොටවන්නන් - යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි වී අනාථ කඳවුරුගත වූවන් අතරේ සොයා ගනිති.
සිංහල සිනමා ප්‍රේක්ෂකයාගේ අහිමි වීම් අතර සටහන් වන මේ පරිශ්‍රමශීලී අවාසනාවන්ත කලා නිර්මාණය ධර්මසේන පතිරාජගේ ‘කල්පිටිය සිනමා ත්‍රිත්වය’ (Kalpitiya Cinema Trilogy) සම්පූර්ණ කරයි. මෙය ‘බැලීම’ නොව ‘කියවීම’ ඔස්සේ නැරඹිය යුතු රසාස්වාදන අනිවාර්යතාවකි.
Mee Peni Saha Alu - මී පැණි සහ අළු
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Eric Illayaparachchi - එරික් ඉලයප්ආරච්චි
- - Cinema and Photography - සිනමාව සහ චායාරුපකරණය
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 97862400201114
- Availability: Available
-
Rs. 600.00