මිංචා පෑන් කේක් දිහා බැලුවෙම නෑ.නංගියෙක් ද මල්ලියෙක්ද වැඩිය හොඳ? ඒත් සුදු නැන්දා ගේන්නේ නංගියෙක් නම්?'' මිංචා ගෙයින් එළියට බැස්සා.කන්ද පාමුල ඉඳ ගත්තා. නංගිලා දන්නේ අඬන්න විතරයි.මොන සෙල්ලමක්වත් දන්නේ නෑ.සමිඳුගේ නංගි කරන්නේ පාඩම් කරන එක විතරලු.එතකොට සුධිරගේ අක්කා හැමදේටම අඬනවලු.දුවන්න,පනින්න,ඔරු පදින්න,ක්‍රිකට් ගහන්න,වෙලේ වසන්තෙට යන්න,පෙරහැරේ නටන්න,ගිනි පාගන්න නංගිලට පුලුවන්ද? සුදු නැන්දා තාත්තගේ නංගි.තාත්තයි අම්මයි දෙන්නම සුදු නැන්දට ආදරෙයි.ඒත් නංගියෙකුට නම් ආදරේ වෙන්න බෑ බෑමයි.
Mincha Dewarawe Andara - මිංචා දේවාරාවේ අන්දර
- Publisher: Platform For Alternate Culture
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Sumithra Rahubadda - සුමිත්රා රාහුබද්ධ
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246107000
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40