හක්ගෙඩියේ රළු පරළු නාදයත් අනතුරුව ඔහුගේ හඬත් කෙඳිරිල්ලකට සම විය.ඔහු යළිත් එය මුවට තබා,ලොකු හුස්මක් ගෙන නැවත එය පිම්ඹේය.යළිත් නින්නාදය ඇසිණි.අනතුරුව,ඔහු දැමූ වැඩි පීඩනය නිසා එය අෂ්ට ස්වරයක් වී නැඟුණු මහා නාදය පෙරටත් වඩා කාවදින සුළු විය.
පිගී මොනවදෝ කියා කැගැසුවේය.ඔහු සිටියේ ප්රීතියෙනි.ඔහුගේ උපැස් වලින් ආලෝකය විහිදිණි.කුරුල්ලෝ නාද නැඟූහ.සත්තු ඔබ මොබ දිව ගියහ.රැල්ෆ් ගේ හුස්ම දුබල විය.උස් වූ ස්වරය,බාල වී,බෙහෙවින් සිහින් වී,සුළං පොදක් වී ගියේය.
හක්ගෙඩිය නිහඬ විය.දිස්නය දෙන දළයක් බඳු විය.රැල්ෆ්ගේ මුහුණ කළු වී ගියේ හුස්ම ගැනීම මද වූ නිසාය.දූපත සිසාරා ඇති වා ගැබ කුරුළු කූජනයෙන් ද දෝංකාරයේ නීන්නාදයෙන් ද පිරී ගියේය.
Mithuru Dam Bidunu Pasu - මිතුරු දම් බිඳුණු පසු
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Swarna Kanthi Rajapaksha - ස්වර්ණ කාන්ති රාජපක්ෂ
- - William Golding - විලියම් ගෝල්ඩින්
- ISBN: 9789551558014
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30