පොළොන්නරු යුගයෙහි විසූ කවියකු කළ මුවදෙව්දාවත
අනුරපුර යුගයෙහි සිටම ජාතකකථා වස්තුකොටගනිමින් කාව්‍ය රචනයෙහි නිරත වීම සිංහල කවීන් ප්‍රිය කළ බවට සාධක ඇත.එහෙත් දැනට අප හමුවෙහි ඇති එවන් කාව්‍ය අතුරින් පැරැණිම කාව්‍යය වශයෙන් සැලකිය හැක්කේ පොළොන්නරු යුගයෙහි දී ලියැවී ඇතැයි සැලකෙන මුවදෙව්දාවතයි.එය කළ කවියා කවරෙක් ද? ඔහු මෙවන් ජාතක කථාවක් තම කාව්‍යය සඳහා තෝරා ගැනීමට හේතු වූ දේශපාලන - සමාජ පරිසරය කුමක්ද? යනු පමණක් නොව මඛාදේව වෘත්තාන්තය පිළිබඳව පාළි අටුවාවන්හි දක්නට ලැබෙන විශේෂතා,මුවදෙව්දාවතෙහි වස්තු වින්‍යාසය,කාව්‍යයම අගය හා බස්වහර පිළිබඳ විශේෂතා ද මේ ග්‍රන්ථය මඟින් සවිස්තරව විමසනු ලැබෙයි.
Muwadewdawatha - මුවදෙව්දාවත
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Siri Thilakasiri - සිරි තිලකසිරි
- ISBN: 9789553059277
- Availability: Out Of Print
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95