හැමදාම මගේ ළඟින් ඉඳපන් මැණිකේ.. හැමෝම කොන් කරලා ඈත් කරලා තිබුණු මාව ළඟට ගත්තේ උඹ.. පිස්සුවෙන් හිටියත් මට ඒ දේවල් අමතක නැහැ.. උඹ කොයි මොහොතකවත් මාව පිළිකුල් කළේ නැහැ.. අන්න ඒ ආදරේ මට මැරෙනකම් දීපන්.."
මං ඔයාට සදහටම ආදරෙයි ජාන්. ඒ ආදරේ මම වෙන කාට දෙන්නද? දැන් ඕක අමතක කරන්නකෝ. අපි චෙක් කරමු දැන්
"ඒ මොකටද.."
ඔහු ඇහුවේ උදාසීන විදිහට. ඔහුට කිසිම උවමනාවක් නෑ පරණ අතීතය අවුස්සන්න.
"මං ඔයාට කිව්වනේ ජාන්.. මං ඔයාගේ ළඟින් ඉන්නවා. එක පොරොන්දු වෙනවා. එත් මම දෙව්ලි ගැන හොයන එක නවත්තන්නේ නෑ.. අන්න ඒක හින්දා එන්න චෙක් කරන්න.."
"හ්ම්ම්ම්"
කරන්න දෙයක් නැති හින්දා ඔහු වාඩිවුනේ ය ළඟින්.
"මේ බලන්නකෝ අපි දැක්ක ටික ඔයාටත් පෙන්නන්නම් මුලින්ම.."
කෙල්ල එදා චෙක් කරපු සිසි ටීවී දර්ශන ටික ඔහුට පෙන්නුවා.." භානුක ඒ පෙන්නපු වීඩියෝ දිහා බලාගෙන හිටියේ කල්පනාවෙන්. ඔහුට දෙව්ලි දකිද්දී නම් පපුවට රිදුමක් ඇතිවුනා.."
"මේ බලන්න ජාන් මෙතනින් එහාට වීඩියෝ පැය තුනකට නැහැ ඔක්කොම ඩිලීට් කරලා.."
"ඕ ගෝඩ්... මොකක්ද මේ වෙලා තියෙන්නේ. තූර් අනිත් ඔක්කොම කැමරා චෙක් කරන්න ඒ ටයිම් එකටම.."
Jaan - ජාන්
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Dil Neththasinha - දිල් නෙත්තසිංහ
- ISBN: 9786249438200
- Availability: Available
-
Rs. 990.00