ඒ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා පනස් වසරක් ගතවීම හේතුවෙන් සංවත්සරය පැවැත්වූ 1998 වසරයි.
මොරටුවේ ලක්ෂපතිය ග්‍රාමයේ උපන්, දෙමව්පියන් නොමැතිව ආච්චිලා දෙදෙනෙකු ගේ රැකවරණය ලබා සිටි නිරන්‍යා ප්‍රනාන්දු ජනවාරි මස 24 වෙනි දා අනුරාධපුරය බලා පිටත්ව යන්නේ අනුරාධපුරයේ ඓතිහාසික ජල කලමනාකරණය පිළිබඳ ව්‍යාපෘතියකට කරුණු සෙවීමේ අරමුණෙනි.
එදිනම බහ තෝරන වැලි කෙළියේ පටන් ඇගේ හිත මිතුරු හා අසල්වැසි මහීම ද මැල්, මහනුවර දළදා මාළිගාව බලා පිටත් වී යන්නේ 50 වෙනි නිදහස් දින සැමරුමේ ආරාධිත අමුත්තා වූ බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරුගේ ආරක්ෂාව තර කිරීමේ බාරදූර කටයුත්තක් වෙනුවෙනි.
නමුත් ...
එලෙසින් එදා පිටත් වී ගිය මොරටුවේ නිරන්‍යා ප්‍රනාන්දු නොසිතූ අයුරකින් චාල්ස් කුමරු ගේ මී මිත්තණිය වූ මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වික්ටෝරියා රැජින ගේ මාළිගාවේ ඔපෙරා ගායිකාවක් බවට පත් වූයේ කෙසේද ?
Mama Wuyemi, Mama Wemi, Mama Wannemi - මම වූයෙමි , මම වෙමි , මම වන්නෙමි
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - New Arrivals - අලුත් පොත්
- - Srilani Fernando - ශ්රීලානි ප්‍රනාන්දු
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246625092
- Availability: Available
-
Rs. 2,500.00