• Peranimithi - පෙරනිමිති

ජනේලයෙන් එපිට අඳුර අතරින් දිදුලන විදුලි පහන් වේගයෙන් පසු වෙමින් ගියේය. දුම්රිය නවත්වා දොරවල් විවෘත වන සෑම මොහොතකම නිසල බවේ ලතා පහුරු සීතල රාත්‍රියේ මැදිරියට ගලා ආවේය. ක්‍රමක්‍රමයෙන් අන්ධකාරය දැඩිව තරමක අවිනිශ්චිත බවකින් මා ඈත සඳ දෙස හිස ඔසවා බැලුවිට නිවසින් බොහෝ ඈතක සිටින බවක් දැනෙන්නට විය.
නමුත් මසිත තවදුරටත් මගේ අවධානය සඳහා කෑකොස්සන් ගැසුවේ නැත. සුළඟ ජනේලය අද්දර කෙතරම් කටකට හඬ නැඟුවද, කෙතරම් වේගයෙන් සට සට ගා දසුන් පසුකර ගියද, ගුප්ත රාත්‍රිය නිහඬ මැදිරිය පුරා රහසේ රැකවල් ලා සිටියද, මට මතක් කිරීමට අවශ්‍ය යමක් තිබේ යන අතිමහත් හැඟීමෙන් මා නැවත කිසි දිනෙක මෙහෙයවනු නොලැබෙන්නේය. මා පරිපූර්ණ වූයේ දැනුමෙන් සහ මම ම සොයා ගැනීමෙන් ලැබූ අස්වැසීමෙනි. කෙදිනක හෝ කොහේ හෝ ඉදිරියෙන් අද රාත්‍රිය බොහෝ කලකට ඉහත සිහිනයක තවත් දර්ශනයක් පමණක් වනු ඇත. එහි ඇති අපූර්වත්වය ගැන මම කල්පනා කළෙමි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha