දෙකම්මුල් තෙමා ගලනා කඳුළු හාමුදුරුවන්ගෙන් සඟවන්නට දීපානිට වුවමනාවක් නොවිය. ඕ හාමුදුරුවන්ගේ මුහුණ දෙස එක එල්ලේ බැලුවාය. ඇයට හාමුදුරුවන්ව පෙනුණේ බොඳ වී ගිය රූපයක් විලසින්ය.
තවදුරත් එතැන රැඳී සිටීමට දීපානිට ශක්තියක් නොවුවාය. ඕ හාමුදුරුවන් ළඟ දෙදණ නමා වැඳ වැටුණාය.
"හාමුදුරුවෝ මට සමාවෙන්න..."
"සමාව ඉල්ලන්න දීපානි නෝනා වැරද්දක් කරලා නෑ..."
හාමුදුරුවන්ට වඳ නමස්කාර කළ දීපානි නැගී සිට 'මං යනවා අපේ හාමුදුරුවනේ...' යැයි පවසා පිඅවර කීපයක් පසුපසට ගොස් හැරී ගමන් කළාය. ජීවිතයේ කෙදිනක හෝ ඉටුවේවි යැයි රහසේ ගොඩනැගී තිබූ බලාපොරොත්තුවක් යළි කෙදිනකවත් ගොඩ නැගිය නොහැකි අයුරින් සුණු විසුණු වී ගිය බවක් දීපානිට දැනුනාය. ඇයට නොදැනුවත්වම සුසුමක් හෙලිණි. එහෙත් ඒ සුසුමට අගේ රිදුම් දෙන හදවතට පුංචි හෝ සහනයක් ගෙන දීමට සමත්කමක් නොවීය. තමන් තනි වූ බව දෙඑඑපානි පසක් කර ගත්තාය.
Diya Katayam - දිය කැටයම්
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Upali Kumarawansha - උපාලි කුමාරවංශ
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245658565
- Availability: Available
-
Rs. 900.00