‘මට ටෙලිඩ්‍රාමාස් දිගට ම බලන්න වෙලාවක් නෑ. ඒත් දැන් ඔයා නිසා ඔය ඉන්න ටෙලි නාට්‍යය දිගට ම බලනවා. මම ඔයාගෙ ෆෑන් කෙනෙක් වෙලා..’
ඇමති හක හක ගා සිනාසුණේය.
‘මම හරිම කැමතියි, නෙත දැවුන දා ඩ්‍රාමා එකේ, ඔයා කරන රතීගේ චරිතයට. ඒක හරිම තාත්විකයි. කැමරාවක් ඉස්සරහ කොහොම එහෙම රඟපානවද කියලා මට නං හිතාගන්නවත් බෑ.’
මෙසේ ගොඩනැඟුණු මිත්‍ර සබඳතාව, ඉන්පසු ව්‍යාපාරික සබඳතාවක් බවට පත්වූයේ, ඇමතිතුමාට නිරාශා ප්‍රධාන නිළිය ලෙස යොදවා ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීමට ආශාවක් පහළවීමත් සමගය. පළමු දිනයේ ඒ පිළිබඳව ඇමතිතුමා සමග සාකච්ඡා කිරීමට ඇය ගියේ, ඉතා සමීප සබඳතාවක් තිබූ අධ්‍යක්‍ෂවරයෙකු සමගිනි.
පළමු නාට්‍යයෙන් පසු, එම අධ්‍යක්‍ෂවරයා හැලිණි. අධ්‍යක්‍ෂණය ද නිරාශාට බාර ගන්නැයි ඇමතිතුමා බල කළේය.
‘මට ඒක බෑ වැඩිවෙයි සර්..’
නිරාශා අදිමදි කළාය.
‘අපි හොඳ කැමරාමන් කෙනෙකුයි, ඒ.ඩී කෙනෙකුයි හොයා ගමු. ඊට පස්සෙ ඔයාට තියෙන්නෙ ඩිරෙක්ටර්ස් චෙයාර් එකේ ඉඳගෙන ඉන්න විතරයි.’
වැඩකට නැතුව වසා දමා තිබූ මහල් නිවාසය, පළමුව ඔවුන්ගේ ටෙලි නිෂ්පාදන ආයතනයේ කාර්යාලය බවට පත් විය. ක්‍රමයෙන් එය නිරාශාගේ නිවහන බවට ම පෙරළුණි.
ටෙලි නාට්‍ය දෙකකට පසු නිරාශාගේ අධ්‍යක්‍ෂණය ද, ඇමතිගේ නිෂ්පාදනය ද නතර වුණි. එතැන් සිට ඇරඹුණේ අතරමැදි ව්‍යාපාරයකි... තම නාට්‍ය විකාශනය සඳහා මඟක් සොයමින් ළතැවෙන ටෙලිනාට්‍යකරුවන් නිරාශා හමුවීමට ඒමට ගත්තේ, ඇමතිගේ මාර්ගයෙන් උපකාරයක් ලබනු පිණිසය. ඇමති ද ඒ සඳහා ම ලේකම්වරයෙක් පත් කළේය. මුදල් ගනුදෙනු බාර වූයේ නිරාශාටය
Nirodhayana Charikawa - නිරෝධායන චාරිකාව
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Kapila Kumara Kalinga - කපිල කුමාර කාලිංග
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556779820
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sapthambaraye Diga Dawasak - සැප්තම්බරයේ දිග දවසක්
2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙ..
Rs. 600.00
Kande Veediya - කන්දේ වීදිය
2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මෙය ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අව..
Rs. 1,100.00
Piyasi Kawuluwa - පියැසි කවුළුව
2012 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...
Rs. 400.00
Jaayipur Sundari - ජායිපුර් සුන්දරි
"එකකට එකක් වෙනස් විවිධ අනුභූතීන් විෂය කොටගත් අරුත්බර, රසාලිප්ත කෙටිකතා 10 ක් අඩංගු ග්‍රන්ථයකි."..
Rs. 300.00
Katha Gana Katha - කත ගැන කතා
"කාන්තාවක් පිළිබඳව ඉතා පැහැදිළි, සාධාරණ හා විචක්ෂණ කතිකාවක් ගොඩනැගෙන කතා එකතුවකි. "..
Rs. 350.00
Thahanam Deshayata Rahas Charika - තහනම් දේශයට රහස් චාරිකාවක්
"ගබ්රියෙල් ගාර්ෂියා මර්ක්කෙස්, ස්ටීව් නෙල් රෝස්මරි මහෝනි සහ සල්මන් රුෂ්ඩි යන ප්‍රකට ලේඛක ලේඛික..
Rs. 325.00
Adisi Nadiya - අදිසි නදිය
2019 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ඇය හැද සිටියෙ චීන් කොලරයෙන් යුත් දම් පැහැ..
Rs. 1,100.00