‘ලක්මිණ’ පුවත්පතේ 1990 නොවැම්බර් 03 වැනි දා පළ වූ මගේ නිර්මාණයක් වෙනුවෙන් අපූර්ව චිත්‍ර සටහනක් එක් වී තිබුණා. එය යටින් ‘උදය කීර්ති’ යනුවෙන් අත්සනක් යොදා තිබුණා. ‘උදය කීර්ති’ යන අන්වර්ථ නාමයකින් ලක්මිණට චිත්‍ර ඇන්දේ තවත් අන්වර්ථනාමයකින් පෙනි සිටි විභූති වීදියබණ්ඩාරයි.
විභූතිට ආදරේට සමහර දෙනෙක් කතා කළේ ‘විබ්බා’ කියලා. ‘විබ්බා’ නැතහොත් විභූති ලක්මිණේ සේවයට ආ ආකාරය සුනිල් අයියා වරක් මා හා පැවසුවේ මේ ආකාරයටයි.
“මචං වර්ණෙ”... ලක්මිණේ චිත්‍ර අඳින්න කීප දෙනෙක් හිටියත් උන් අඳින ඒව වෙලාවකට හරි ගියේ නෑ. ඔහොම ඉන්න කොට පත්තරේ අපූරු චිත්‍ර පළ වෙන්න පටන් ගත්තා. මං ඩලාගෙන් (ඩලස් අලහප්පෙරුම) ඇහුව කවුද මේ චිත්‍ර අඳින්නෙ කියලා. පොඩි කොල්ලෙක් ඇවිත් සමහර ලිපිවලට චිත්‍ර ඇඳලා දීල යනවා කියල ඩලා කිව්වා. මට ඒ කොල්ලව මුණ ගැහෙන්න ඕනෙ කියල මං කිව්වා. දවසක් පුංචි පහේ තරුණයෙක් මං හමුවෙන්න බලා හිටිය. ඒ විභූති. අපිත් අමාරුවෙන් පත්තරේ දී කරන්නෙ. පඩියක්නං දෙන්න බෑ... දිගටම අඳින්න මං කිව්වා. මට සුනිල් අයියත් එක්ක තනිවම කතා කරන්න ඕනෙ විභූති කිව්වා.
මං දැන ගත්ත වර්ණෙ බඩුම තමයි කියලා. මං කිව්ව දරුවෙක් වගේ මං ආරක්ෂා කරල බලා ගන්නං. මෙහෙ නැවතිලා පත්තරේ වැඩ කරන්න කියලා. මචං වර්ණෙ... විභූතිට හොඳට ලියන්න පුළුවන්. නම කීපෙකින්ම ලිව්වා. චිත්‍ර ඇන්ද. ඌ දක්ෂ කථිකයනෙ. උඹ දන්නවද... විභූතිට ලසස්නට සිංදු කියන්න පුළුවන්. කපුගේගෙ සිංදු කියනව. පිස්සු හැදෙනවා.” සුනිල් අයිය හරිම ආස්වාදයකින් යුතුව කියාගෙන ගියා. ඒ ආස්වාදයට මෙපිටින් සියුම් ආඩම්බරයකුත් තියෙනව වගේ දැනෙනවා.
=======================================
අනූ නමයෙන් බේරුණු ‘අනූවේ පරපුරේ’ අපි ඒ දවස්වල නිතර දෙවේලේ ලක්මිණට ආව ගියා. ඒ ගමන්වලදී පුංචි සිරුරකින් යුත් තියුණු බැල්මක් සහිත විභූති වීදියබණ්ඩාර අපිට දැක ගන්නට ලැබුණා. පත්තරේ වැහුණට පස්සෙ ‘ලක්මිණේ’ පිරිස ‘ලක්දිව’ ආරම්භ කරන්න බොරැල්ලේ සුපිරි වෙළෙඳ සංකීර්ණයට ගාල් වුණා. විබ්බත් ඒ අය අතරෙ සිටියත් ඒ නමින් ලිපි පළ වුණේ නැහැ. ඒත් විමලසිරි ගම්ලත් කෙනකුගේ නමින් විවිධ ලිපි පළ වෙන්න පටන් ගත්තා. ලක්දිවේ ශිෂ්‍ය අතිරේකය වුණ ‘අකුර’ පිටුව සංස්කරණය කළේ විමලසිරි ගම්ලත්. ‘විබ්බට’ සමහරු ගම්ලත් කියා අමතන්න පටන් ගත්ත. ‘ගම්’ කියලත් කිව්වා.
‘ලක්දිවටත් කණ කොකා හැඬූ පසු ජනතා අරමුදලින් ගොඩනැඟෙන පළමු (හා එකම) පුවත්පත ලෙස ‘හිරු’ පුවත්පත එළිදැක්වුණා. ‘හිරු’ මංගල කලාපය තිළිණයක් ලෙස අප අතට පත් වුණේ එහි කර්තෘ මාණ්ඩලිකයන්ගේ අත්සන් සහිතවයි. 1993 සැප්තැම්බර් 26දා නිකුත් වූ ‘හිරු’ පුවත්පතේ මංගල කලාපයේ ‘සත්‍යවාදියාගෙ දින පොත’ ලියූ සුනිල් මාධවගේ නම හැර පළ වූයේ තවත් එක් නමක් පමණයි. ඒ විමලසිරි ගම්ලත්ගේ. ජනතාවගෙන් ලද රුපියල දෙක එකතු කොට ගොඩනඟන ලද අරමුදලකින් පවත්වාගෙන ගිය ‘හිරු’ පුවත්පත විවිධ කල්ලි කණ්ඩායම්වල වුවමනා ඉස්මතු වීමත් සමඟ අරාජික වන්නට පටන් ගත්තා. ඒ සමඟම කර්තෘ මාණ්ඩලිකයන් විවිධ අරමුණු හා මතවාද වෙත ගාල් වී සිටියා.
තළා පෙළා චප්ප කොට දමනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ අළු දූවිලි ගසා දමා නැඟී සිටින්නට පටන් ගැනීමේ ආරම්භය සනිටුහන් කළේ 1994 දී. ඒ දරුණු මර්දනයක ලේ කඳුළැලි වියළෙන්නටත් පෙරයි. ජවිපෙට ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීමට මේ සුදුසු අවස්ථාව නොවන බවයි අපගේ විශ්වාසය වුණේ.
විමල් වීරවංශ නම් පුද්ගලයෙකු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ලෙස පෙනි සිටිද්දී ඒ කවුදැයි අප සොයා බැලුවා. ඒ තමයි විභූති වීදියබණ්ඩාර හෙවත් විමලසිරි ගම්ලත් ලෙස ‘ලක්මිණ’, ‘ලක්දිව’ හා ‘හිරු’ පුවත්පත් හරහා අප දැන හඳුනාගෙන සිටි පුංචි තරුණයා. සිරුරෙන් පුංචි වුණත් ඔහු දැවැන්ත කාර්යභාරයකට උර දුන්නා. මහනුවරට පැමිණි විටෙක විමල් හමු වී මේ මොහොත මැතිවරණයකට ඒම මඟින් ඉතිරි වී සිටින චරිතත් හෙළිදරව් වනු ඇති බවට මා ගෙනා අදහස විමල් බිඳ දැම්මේ තර්කානුකූලවයි.
Noki Katha - නොකී කතා
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Henry Warnakulasuriya - හෙන්රි වර්ණකුලසූරිය
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Columns - තීරු ලිපි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786240012140
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Villaravadiya - විල්ලරවාඩිය
බහු ආගමික, බහු ජාතික ලාංකික ගම්මානයක වෙසෙන විවිධ ජන කොටස්වල චාරිත්‍ර වාරිත්‍ර සමාජ ජීවිතය චින්තනය හා..
Rs. 475.00
Gathanayata Pera - ඝාතනයට පෙර
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා බද්ධවී සිටි තරුණයකුගේ කෙටි කාලීන ජීවන පුරාවෘතය පාදක කොටගත්, සමාජ ද..
Rs. 350.00
Dhada Kandaura - දඩ කඳවුර
හැත්තෑ එකේ කැරෙල්ලත්, හැත්තෑවේදී බලයට පත් වූ රජයේ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග මෙන්ම හැත්තෑ හතේ විවෘත ආර..
Rs. 550.00
Niruwath Jiivitha - නිරුවත් ජීවිත
සත්‍ය සිදුවීම් කිහිපයක වස්තු බීජයන් හා සමීපතම අත්දැකීම් මූලාශ්‍ර කර ගනිමින් රචිත වෙනස් මානයන් කරා දි..
Rs. 275.00
Kee Noki Katha - කී නොකී කතා
අහිමි ජීවිත“ අහිමි වූ හැටි.....අවුරුද්දකට වතාවක් වළ සතිය එනවනෙ. වළේ නාට්‍ය බලන්න නං අහල පහල ගං වලිනු..
Rs. 600.00
Nadunana Thuwakkukaruwage Kathawa - නාඳුනන තුවක්කුකරුවාගේ කතාව
1987-90 යුගයේ ලංකික සමාජය වෙළාගත් භීෂණයේ සිදුවීම් අළලා සම්පාදනය කළ සත්‍ය කතා ඉන්දියානු බැංකුවට බෝම්බ..
Rs. 350.00
Thirisan Rathriya - තිරිසන් රාත්‍රිය
මිනිසුන්ට තිරිසනුන්ට වඩා අන්ත ලෙසින් සලකන බලකොටුව තුලට මා ගෙන යනු ලැබුවේ දවසේ මෙහෙවර නිමාකොට හි..
Rs. 250.00
Neethyanukula Ghathanaya Saha Thawath Kiyubanu Ketikatha - නීත්‍යනුකූල ඝාතනය සහ තවත් කියුබානු කෙටිකතා
සිංහල භාෂාවට පරිවර්තනය වූ ප්‍රථම හා එකම කියුබානු කෙටිකතා එකතුව. අප නිවසට ඉදිරිපසින් වූ නිවසක මහලු යු..
Rs. 300.00
Nirnamika Pemwathiya 18+ Wasekthami Saha Thawath Katha - නිර්නාමික පෙම්වතිය 18+ වාසෙක්තමි සහ තවත් කතා
උපාධි බම්බුවවසර ගණනාවක් විදෙස් රටක රැකියාව කළ මා එකී කොන්ත්‍රාත්තුව අවසානයේ ආපසු ලංකාවට පැමිණ වැඩි ද..
Rs. 350.00