මසනොබු
ෆුකුඕකා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු
මෙන් ම දාර්ශනිකයෙකු ද වූ ඔහු පැලෑටි රෝග පිළිබඳ හදාරා යොකොහමාහි රේගු
පරීක්ෂකයෙකු ලෙස වසර ගණනාවක් සේවය කළේ ය. වයස 25 දී නිව්මෝනියාවට ගොදුරු වූ
ඔහුට තම මුළු ජීවිතයම වෙනස් කළ “ආධ්‍යාත්මික” අත්දැකීමක් ලැබුණේ ය. එම
දර්ශනයේ දී සිදු වූයේ යථා ස්වභාවය අනාවරණය වීමකි. සොබාදහමේ සමස්තය හා
සැසඳීමේ දී මිනිසා මෙතෙක් ලබා ඇති “දියුණුව” සම්පූර්ණයෙන්
ම සොබාදහමේ ක්‍රියාකාරිත්වයට පටහැනි අර්ථ විරහිත වූවක් සේ ඔහුට පෙනී ගියේ
ය. මිනිසුන් සොබාදහම පාලනය කිරීමට යාම නිසා අත් විඳින්නට සිදු වී ඇත්තේ
විනාශකාරී ප්‍රතිඵලයන්ම නිසා එම තත්වයෙන් මිදෙන ආකාරය සොබාදහමට සමීප වී
ගොවිතැනින්ම පෙන්වා දීමට සිතූ ඔහු වහා තම රැකියාවෙන් ඉවත් වී තමා උපන් ගමට
ගොස් “සොබාදම්” ගොවිතැන් ක්‍රමයක් ආරම්භ කෙළේ ය. ඔහු සී සෑම ද නොකෙළේ ය.
රසායනික පොහොර යෙදීම ද නොකෙළේ ය. කුඹුරුවලට වතුර බැඳීම ද නොකෙළේ ය. එය
“නොකර -කිරීමේ” ක්‍රමයකි. එහෙත් එයින් ඔහුට ජපානයේ වෙනත් ගොවි
ව්‍යාපාරවලින් ගන්නා හා සමාන අස්වැන්නක් ද ලබා ගත හැකි විය. එම ක්‍රමයටම
ඔහු පළතුරු ආදී වෙනත් වගාවන් ද කළේ ය. ඔහු 1975 දී තම ජීවිත ගමන ද, දර්ශනය
ද, කෘෂි අත්දැකීම් ද අලලා The One-Straw Revolution නම් කෘතිය පළ කෙළේ ය.
පසුව The Natural way of Farming, The Road Back to Nature යන කෘති ද පළ
කෙළේ ය. ඔහු ගොවිතැන නිසාම ලෝක ප්‍රසිද්ධියට පත් වූවෙකි. එපමණක් නොව ඔහුට
මැග්සේසේ ත්‍යාගය පවා හිමි විය.
Piduru Gahe Viplawaya - පිදුරු ගහේ විප්ලවය
- Publisher: Saharakshi Publications - සහරක්ෂි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - W M Gunathilaka - ඩබ්ලිව් එම් ගුණතිලක
- ISBN: 9789557947204
- Availability: Out Of Stock
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38