අලුත් සමාජය
"අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින් ම උත්සාහ කරන්නේ මේ අභ්‍යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ්‍යන්තරික දුප්පත්කම එහෙම ම තියෙනවා.
අපට දැනෙන මේ අභ්‍යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මන් කරනවා. ඒ නිසා ම තමන් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හඟවමින් නිතර ම ලෝකයාට 'පණිවුඩ' දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා.
අවසානයේ සිද්ධ වෙන්නේ අප දන්නේ ම නැතුව ඒ පණිවිඩ දීම කියන උගුලේ පැටලෙන එක..
ඒ නිසා මේක ලිහනවා නම් ලිහාගන්න ඕනෙ පටලැවුණු නූල් බෝලයක් ලිහන විදියට ම තමයි.. මුලින් ම අප ඇතුළේ තියෙන අභ්‍යන්තරික දුප්පත්කම තේරුම් ගන්න ඕනෙ. එය තේරුම් ගත්තම ඒකත් එක්ක ගනුදෙනු කිරීම පහසු වෙනවා. එතකොට ඒ අභ්‍යන්තරික දුප්පත්කම වටේ වෙළෙඳපොළ, ඇඩ්වටයිසිං සහ මාධ්‍ය විසින් නිර්මාණය කරන මායාව විනිවිද දකින්න පුළුවන් වෙනවා. "
Prana - Aluth Samajaya - ප්‍රාණ - අලුත් සමාජය
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - Rasika Jayakody - රසික ජයකොඩි
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245737161
- Availability: Available
-
Rs. 1,300.00
- KBOOKS Cashback Rewards: 130