දේශපාලන ප්‍රතිසංස්කරණ කළ යුතුද නැද්ද යන්න ලංකාවේ සමකාලීන දේශපාලන විවාදයේ ඇති කේන්ද්‍රීය තේමාවකි. දේශපාලන ප්‍රතිසංස්කරණ යනු අවසාන විග්‍රහයේ දී ලංකාවේ පවත්නා රාජ්‍යයේ ව්‍යුහය වෙනස් කිරීම පිලිබඳ ගැටළුවක් ද වේ. ලංකාවේ දේශපාලනය දැනට එම ගැටලුවේ සිර වී ඇත.
එම ගැටලුව පිලිබඳ තරමක් ගැඹුරු දේශපාලන අවබෝධයක් පාඨකයාට ලබාදීමටත්, එමගින් අප සමාජයේ දේශපාලන විඥානය තියුණු කිරීමටත් මේ කුඩා කෘතියෙන් දායකත්වයක් ලැබේ.මෙය කියවන පාඨකයින්ට, රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ගැටලුවෙන් ලංකාව ගැළවෙන්නේ කෙසේද යන්න ගැන ප්‍රයෝජනවත් ඇඟවීම් ලබාගැනීමටද හැකිවනු ඇත.
Rajya Prathisanskarana Monawada Kumatada Katada - රාජ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද කුමටද කාටද
- Publisher: Social Scientists' Association(SSA) - සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sociology - සමාජ විද්‍යාව
- - Jayadeva Uyangoda - ජයදේව උයන්ගොඩ
- ISBN: 9789551772888
- Availability: Out Of Stock
-
Rs. 120.00
- KBOOKS Cashback Rewards: 12