හයිකු කවිය මාත්‍රා දහ හතකි.එය ඍතු සතර පාදක කොට ලියැ වේ. එසේම එය මේ මොහොතේ වන ක්‍රියාවක ප්‍රථිපලයකි.මේ බාහිර ලක්ෂණ කිසිවක් අපගේ නිෂ්පන්න කෙටි කවිවල නොමැත.කෙසේ වුව ද හයිකු කවියෙන් නූතන සිංහල කෙටි කවිය උරාගත යුතු අභ්‍යන්තරික ලක්ෂණ නම් බොහොමයක් ඇති බව කිව යුතුය. ඉන් ප්‍රධාන වන්නේ වචන සංඥාකාරක ලෙස පමණක් යොදා ගැනීමයි. වචන වල බාහිර අරුත් නොව,වචන පළා ගෙන ගොස්,ඒ වචන වලට විටෙක කිසි ම ආකාරයක සම්බන්ධයක් නොපෙන්වන තේමාත්මක ගම්භිර්යයක් සොයා යෑමයි.
හුදු බාහිර අරුත් දෙන වචන නොව,චිත්තරූප එක්තැන් කිරීමක් මෙහි දී කළ යුතු වෙයි.හොඳ හයිකු කවිය තරම් මෙහි දී වචනයෙන් ඈතට යන වෙනත් කවි ක්‍රමයක් ගැන සිතිය නොහැකි ය.සිංහල කෙටි කවිය ඒ තරම් උත්තර ප්‍රයත්නයක් නො කළ ද,හයිකු කවියේ ඇති චිත්තරූපික ව්‍යංග්‍යාර්ථය ස්වකීයාත්මය තුළට උකහා ගනී.
Ralithi - රැලිති
- Publisher: Saknada Publications - සක්නද ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Ariyawansa Ranaweera - ආරියවංශ රණවීර
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245556021
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thawamath Mal - තවමත් මල්
2018 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.“මල් ඇවිත් දැන් ආයෙමත් අතු අගිස්සේ ව..
Rs. 300.00
Oyabada Wawullu - ඔයබඩ වවුල්ලු
නාලා නාලා තැන වැටිලා ගොඩ වෙලා බලන කොට කඩියා කඩාගෙන ගිහින් ...........................................
Rs. 150.00
Sada Bidunu Goviduhela - සඳ බිඳුණු ගොවිඳුහෙල
අහිමි හිතේ ඇතුළෙ ම මතක දලුලන ගසක් වී එහි තුළ ම මියයන මලක් නොපිපුණු නමු..
Rs. 600.00
Kandu Naginno - කඳු නගින්නෝ
හොඳට ම ඇතිඅත් බොකුටු කළ කලඒ ඉඩකඩ තුළටඔබ ලබා දුන්පැන් ටිකහොඳටෝ මඇති ඉතිරි අඩි කිහිපයයා ගන්න..
Rs. 400.00