ප්‍රවීණ සෝවියට් ලේඛක කොන්සතන්තීන් පවුස්තොව්ස්කි ‘රන් රෝස’ නම් වූ මේ
කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මූලික අංක ප්‍රත්‍යංගයක් ගැනම පාහේ සාකච්ඡා කරයි.
අත්දැකීම් ලබා ගන්නා ආකාරය, නිර්මාණාවේශය, චරිත ගොඩනැංවීම,
නිර්මාණකරණයෙනහිලා භාෂාව හැසිරවීම, පරිකල්පනය හා අන්තර්ගතයට අනුරූපීව
ආකෘතිය හැඩගැස්වීම ආදී හැම වැදගත් ලක්ෂණයක්ම මේ විස්තර වෙයි. පවුස්තොව්ස්කි
මේ සියලු ගුණාංග විස්තර කරනුයේ පාඨකයා වෙත ඉතා රමණීය කතා පුවතක් ඉදිරිපත්
කරන ආකාරයෙනි. කතුවරයා පාඨක අත සුහදව ගෙන, මග දෙපස අනේකවිධ වූ සුන්දර
දැකුම් ඔහු වෙත දක්වමින්, එකේ සුන්දරත්වයත්වයෙන් ඔහු වශී කරවමින්, පාඨක
බුද්ධිය නොපාරා ඔහු හදවත අමතමින්, නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මං පෙත්
ඔස්සේ ආශ්වාදජනක වූ ද දීර්ඝ වූ ද ගමනක යෙදෙයි.
Ran Rosa - රන් රෝස
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Ariyawansha Ranaweera - ආරියවංශ රණවීර
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Konstantin Paustovsky - කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි
- ISBN: 9789557189437
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55