අද්භූත කථාවස්තු ඇතුළත් කථාන්තර කියවීමට කුඩා දරුවෝ මහත් ආශාවක් දක්වති.එම කතා කියවීමට සැලැස්වීම මගින් දරුවන් තුළ ගුණ ධර්ම වඩවා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම පැරණි කථා රචකයින්ගේ පරමාර්ථය විය.මේ මඟ අනුව ගිය මාර්ටින් වික්‍රමසිංහ මහතා එක්දහස් නවසිය තිහේ දශකයේ දී පැරණි ජනකථා ඇසුරින් ළමා කථා රැසක් සම්පාදනය කළේය.'රන්කෙඳි කුමාරිකාව'ඉන් එකකි.යෝධ ශක්තිය ඇති කුමාරයකු තවත් යෝධයන් හා එක් වී රකුසන්,සිංහයන් හා යුදසෙන් පරදවා රන්කෙඳි කුමාරිකාව ගලවා ගත් පුවත එම කතාවට වස්තු වී තිබේ.
Rankedi Kumarikawa - රන්කෙඳි කුමාරිකාව
- Publisher: Sarasa Publishers - සරස ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
- - Folklore - ජනකතා
- ISBN: 9789550201662
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 8