රාත්රිය කෙමෙන් ඇහැරෙයි ...
හිරු ගිලුණු තැන
ඉතිරි ආලෝක ලප
ලේ පැහැය ඉස කන්ද මුදුනත
ඇත් රුවක් දී සැඟව යයි
වලා වදුලට
සැඳෑ කල සන්තක
විඩා මුදවන මදහස
නොපෙනෙනා මානය
බිම බලා හිඳී
දෙවියන් බුදුන් පිළිරුවක
තැන තැන කිළිටි ඇඟළුම්
තෙත සිඳුණු දිය බඳුන්
යටිකුරුව හැළි වළන්
තනි බත් පතට දොරගුළු හරියි
දෙඇස් පුරවාන අඳුර
මොහොතින් නැගෙන්නට
සැදී පැහැදී සන්තාන දුක
පෙඟී විලවුන් සුවඳෙහි පුරුදු
කෙටි නින්දකින් අතරමං වූ
සිහිනයකි බිඳුණු
කුරිරු ලෙස අවදි කර
මතුපිටින් ගොඩගසා මතක
සොදුර නුඹ සඟවගෙන ගැඹුරක
විශ්වයම නින්දක
Rosa Nil Pata Heena - රෝස නිල් පාට හීන
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Vinya Jayasekara - වින්යා ජයසේකර
- ISBN: 9786240005197
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30