ඒ බැල්මට මා බයය. සහස් මෙවන් බැල්මක් දාන්නේ මා හා කේන්ති ගත් විටය. කේශූත් එසේද යන්න මා දන්නේ නැත. කිසිදාක ආදරය නොලද ගැහැනියක් සේ මම පිපාසිතව සිටියෙමි. ආදරයට ලොබ බඳිමි. හරි වැරැද්ද කුමක් වුවත් මම ආදරයෙන් අන්ධ වීමි. මා දෙවරක් නොසිතාම නැඟිට කේශූගේ පපුවට සිරවුනෙමි. මේ මාඅ හැම මොහොතකම පැතූ ආදරය හා ආරක්ෂාවයි. ඒ බව මා දන්නා නිසාම මම කේශූගෙන් කිසිවක් බලාපොරොත්තු නොවීම දෑස් පියාගතිමි. මා උන්නේ පාවෙන තරම් සැහැල්ලුවකින් ය. කුරුළු පිහාටුවක් සේ මා ඒ පපුතුරේ සිර වී පාවුනෙමි. මම කවුද යන්න මෙවේලේ මටවත් නොසිතුනේ මන්දැයි මා කල්පනා කරන්නට වීමි. එසේ වුවත් මේ ආදරයට ඉඉට වඩා බැඳෙමින් සිටින නිසාම මම සියල්ල අමතක කර කේශූගේ උණුහුමේ ගුලි උනෙමි.
Sahas Araliya - සහස් අරලියා
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- - Piyumi Prabodha Senadheera - පියුමි ප්රබෝධා සේනාධීර
- ISBN: 9786245673261
- Availability: Available
-
Rs. 1,850.00