කුසුම් සඟවන කරුණ
~~~~~~~~~~~~~~
ඔබ නමින් කුසුම් නඟනා
තුරකි සිරුරැතුළේ
සඟවමි කුසුම් රැස
සරමි නියඟය අතරේ
තමන් නො ඉන්දවූ තුරක
කෙසේ මල් පිරීතිරුනේ
උයන්පල්ලා විස්මපත් වෙයි
එය මල් සඟවනා කරුණේ
අයිතිකරු රිසි අයුරිනි
මල් පිපිය යුතු උයනේ
හිතුවක්කාර ගහ වැල
කප්පාදු වීම ය උරුමේ
රිසියුරින් කුසුම් දැරියැකි
වන ගුල්මවල උකුලේ
නැළවෙනා තුරු මිතුරනි
සරන සැනසුම් සයුරේ
හද ජනිත කුසුමන් සඟවා
හස වෙස් උවන කතරේ
මියෙන හද ඔසු තවරන
වැසි ගෙන වඩින් මිතුරේ
~~~~~~~~~~~~~~
ඔබ නමින් කුසුම් නඟනා
තුරකි සිරුරැතුළේ
සඟවමි කුසුම් රැස
සරමි නියඟය අතරේ
තමන් නො ඉන්දවූ තුරක
කෙසේ මල් පිරීතිරුනේ
උයන්පල්ලා විස්මපත් වෙයි
එය මල් සඟවනා කරුණේ
අයිතිකරු රිසි අයුරිනි
මල් පිපිය යුතු උයනේ
හිතුවක්කාර ගහ වැල
කප්පාදු වීම ය උරුමේ
රිසියුරින් කුසුම් දැරියැකි
වන ගුල්මවල උකුලේ
නැළවෙනා තුරු මිතුරනි
සරන සැනසුම් සයුරේ
හද ජනිත කුසුමන් සඟවා
හස වෙස් උවන කතරේ
මියෙන හද ඔසු තවරන
වැසි ගෙන වඩින් මිතුරේ
Sahas Kandu Tharana Man Peth - සහස් කඳු තරණ මං පෙත්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Kaushalya Jayalath - කෞශල්‍යා ජයලත්
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786240017930
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35