කවි
කොළය ගැන මෙතෙක් ලියැවුණු එකම මෙන්ම ප‍්‍රථම විවරණ ග‍්‍රන්ථය මෙය වෙයි.
1865 සිට 2010 දක්වා ශත වර්ෂ එකහමාරක දීර්ඝ කාල යන්ත‍්‍රයක් තුළ, පරම්පරා
දෙකක ජනකවීන් සිය ගණනක් විසින් ගොඩනඟන ලද මහා ජන සන්නිවේදන කලාවකි එ්.
සිංහල කාව්‍ය වංශයේ මහා මංපෙත වූ ජනකවි කලාව සිඳෙමින්, උතුරමින් ගා ආ මහා
ගංගාවකි. ගස් යට කවීන්, ගොඩ කවීන්, ඇවිදින කවියන් කැළෑ කවියන් යනුවෙන්
වියතුන් කළ ගැරහුම් තෙරපුම් මැද හිස ඔසොවා ගෙන සිටි ජනකවියා කොළඹ යුගයට පා
තබන්නේ නව ජන කවියකු - කවි කොළ කිවියරකුගේ පුනරුත්පත්තියකින් ය.
......අප රටේ ජාතික චින්තන අරගලයක ගෞරවනීය කොටස්කරුවන් ලෙස වියත් කවීන්
නොවූවත් ගුණ නැණ ඇති ‘දැනුමැති’ කවීන් ලෙස ඔවුන් විසින් ඉටු කරන ලද්දේ
අභිමානවත් මෙහෙවරකි. ඔවුන් පොදු ජනයා මැද්දට ගොස් සමාජයේ සියලූ ප‍්‍රශ්න
ගැන කතා කොට ඇත. ජනතාවගෙන් ඈත්ව යමින් තිබූ කවිය යළිත් ජනතාවට බාර කිරීමත්
කවිය සමාජය අමතන මහා සන්නිවේදනයක් බවට පත් කිරීමත් යන එ් ඉතිහාස මෙහෙවරෙහි
ආලෝක වළල්ලට මේ පොත ඔබ කැඳවාගෙන යනු ඇත්තේය.
කවිය සිංහල ජනයාගේ ජානයකි,
කවියේ ඉතිහාසය - ඉතිහාසයේ කවිය, කෙසේ මැවුණාද එ් සසිරි කවිකොළය, මුල්
කවිකොළ කවි පරපුර 1865 - 1950, දෙවැනි කවිකොළ කවි පරපුර 1950 - 2010, සටනට
ගිය කවිකොළ, කවිකොළයෙන් දැල්වුණු සංස්කෘතික අරගලය, මහා ඛේදවාචක - අපරාධ
පිළිබඳ කවිකොළ, කලාකරුවන්ට පෙම් බැඳි කවියා, දේශපාලන ගැටුම් පිළිබඳ කවිකොළ,
කවිකොළ කිවිවර විල්සන් ජයවික‍්‍රම කතා කරයි, කවිකොළ කිවිවර සයිමන් ද
අල්විස් කතා කරයි, සමාජ - දේශපාලන නවීන කවිකොළ 1974 - 2013 ආදී ලිපිවලින්
මෙම කෘතිය සමන්විතයි.
Sakala Sirin Piri Kavi Kole - සකල සිරින් පිරි කවි කොළේ
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Miscellaneous - විවිධ
- - Parakrama Kodithuwakku - පරාක්‍රම කොඩිතුවක්කු
- - Columns - තීරු ලිපි
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553105283
- Availability: Out Of Stock
-
Rs. 975.00
- KBOOKS Cashback Rewards: 98