රාම් සහ සෙනරත් නොදැන උන්නට මේ මොහොතේ පිටත පරිසරයේ මහා කැළඹීමක් සිදුවෙමින් තිබුණි. මහා සමුද්‍රය වෙනදාටත් වඩා ප්‍රචණ්ඩ ලෙස රල පහර ගොඩබිම දෙසට ගසා එව්වේය. පන්දම් දෙකම පසෙකින් තැබූ සෙනරත් පෙට්ටිය තුළ වූ ආභරණ අතපත ගාන්නට වූවේය.
"අපි දැන් පෝසත්..."
රාම් ද තණ්හාවෙන් හිස වැනුවේ ය. ආභරණ අතරේ වූ කුඩා රන් පැහැති බෝතලය අතට ගත සෙනරත් එය හරවා හරවා බැලුවේය.
"මේ මොකක්ද"
සෙනරත් එය විවර කළේ ය. ඇතුළත හිස් බැව් දුටු සෙනරත් එය යළි පෙට්ටියටම දමා ආභරණ එකින් එක අතට ගෙන බලන්නට වූවේ ය.
ප්‍රචණ්ඩ සාගරය එක දිගට ගොඩබිම වෙත එවූ සත්වන රළ පහර සමගම කන් අඩි පුපුරා යන තරමේ අකුණු පහර කිහිපයක් ගැසුවේය. එත් සමගම යමක් සිදු විය. මහා සමුද්‍රයේ සිරවී උන් එක ආත්මයක් නිදහස් වී සිය අරමුණක් වෙනුවෙන් ගොඩබිමට ඇදී සිටියේ ය. මුහුදේ සිට ගොඩබිමට එන ඒ දුමාරය පියවී ඇසින් කිසිවෙකුට නොපෙනුනත් දේවාලයේ සිටි ගොපාල්ගේ තෙවන ඇසට දර්ශනය විණි. ගොපාල්ගේ මුවේ මන්දස්මිතයක් ඇදිණි.
"ඔහු නිදහස් වුණා උත්ත්මාවියනි"
"මට එය දැනෙනවා ගෝපාල්"
රුද්‍රා උතුරා යන ප්‍රීතිමත් හඬින් කීවාය. ඉතින් දැන් වසර දහස් ගණනාවක් පුරාවට බලා සිටි සියල්ල විසඳා ගැනීමට හැකිවනු ඇත. එකී සතුටින් සිත පුරවා ගත රුද්‍රා යාන්තමින් දෙතොල් සොලවා තම සොහොයුරාට ආමන්ත්‍රණ කළා ය.
Samudra - සමුද්‍ර
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dilukshi Handapangoda - දිලුක්ෂි හඳපාන්ගොඩ
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245673339
- Availability: Available
-
Rs. 1,200.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nissara Bandhana - නිස්සාර බන්ධන
නිමන්ති යටිගිරියෙන් සේනකට කෑ ගසා අනෙක් පස හැරී සඳාට වේගවත් කම්මුල් පහරක් එල්ල කළාය.අනපේක්ෂිත මොහොතක ..
Rs. 1,100.00
Dumbara Walawwa - දුම්බර වලව්ව
පුරුද්දක් ලෙස දිනපතාම මංජුසාව තුළ වූ සුරයේ උණුසුම පවතිනවාදැයි නිරීක්ෂණය කිරීම භූපතිගේ එදිනෙදා පුරුදු..
Rs. 1,100.00