මට මතකයි අර ඔයා ගයාපු ගීතය . අර ආදරවන්තයගෙන් වෙන්වුණු , සායික් ගඟේ ගිලුණු ගැහැණු ළමයා ගැන ගැයෙන ගීතය මට නම් තවම ඒක අමතක කරන්න බැහැ” .
“අා ! ඒක පරණ ගීතයක්නේ "
" එර්දේනේ! මට හීනයක් තියෙනවා . මම ආසයි සුදු සේද සලුවක මෙන්න මේ වාගේ ගෙත්තමක් කරන්න . ඒකේ ගගේ වැහි වැහැලා වතුර . දියවැල් හරිම සැහැල්ලුයි . කුරුල්ලොයි සමනලයෝයි පඳුර වටේ, ඒත් අර ගැහැණු ළමයා නැහැ . ඇය දුක ශෝකය රැගෙන ඇවිත් නැහැ . මට ඕනැ මේ ගෙත්තම දකින ඕනෑම කෙනෙකුට ගඟට උඩින් අර ඔයාගේ දුක්බර ගීතය ඇහෙන්න සලස්වන්න ".................................................
චිංගීස් ඛාන් පරදවාලූ සරොසෙක් බිමේ දුක් ගීතය
වැඩවසම් යදම් බිඳ, හොවි, කම්කරු සුබ සාධනය උදෙසා අරගලයෙන් බිහිවූ, නිර්ධන පන්තියෙ රාජ්‍යයක් තුළ සියලු යාන්ත්‍රණයන් පාලක කාරකාදීන් ගේ සුපිරි පැවැත්ම පමණක් මුඛ්‍ය පරමාර්ථය වැජ්ඹේ නම් හා අසරණ නිදොස් ජනයා බිලි දෙන්නේ නම් එය " වැටත් නියරත් ගොයම් කා නම් කාට ඒ ගැන කියන්නෙම් " කියමන සැසඳෙන අවස්ථාවක් නොවන්නේද ?
එවන් පසුබිමක හොරෙකුද , ස්ත්‍රී දූෂකයෙකුද , මිනී මරුවෙකුද නොවූ එයට ප්‍රතිවිරුද්ධ ව අවංක වූ, යහපත් වූ, සිය බිරිඳ හා දරුවන් ට ආදරය කිරීම හැර මිහිමත අන් විශ්වාසයක් නොඇදහූ , මේ ආදරය තුළ දිවියේ මූලිකම අරුත දුටු මිනිසෙකු වූ අබූතලීප් කුත්තිබායෙව් වැඩ කරන ජනතාවගේ රාජ්‍යයක් තුළම ඇඳිරි ගෙයක තැබීම දෛවයේ සරදමක් නොවන්නේද ?
"ගුරු ගීතයෙන් " අංශක 360 ක පිම්මක් ගසා හැරී ආ ආයිත්මාතොව්ගේ ප්‍රබන්ධ දේශපාලන අරගලය වටහා ගැනීමට වටහා ගැනීමට සිංහල පාඨකයා විසින් නොවැරදීම කියවිය යුතු ග්‍රන්ථයකි.
Sarosek Bime Duk Geethaya - සරෝසෙක් බිමේ දුක් ගීතය
- Publisher: Sadeepa Publishers - සදීපා ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chingiz Aitmatov - චිංගීස් අයිත්මාතව්
- - Pushpa Ranjan Wijesinha - පුෂ්ප රන්ජන් විජේසිංහ
- ISBN: 9789550619867
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30