"සිංහල සාහිත්‍යයේ ආරම්භයේදීම එය පරිවර්තන ස්වරූපයක් ගත් බව පෙන්වා දිය යුතු වෙයි"
(පිටුව 12)
"අනුරාධපුරය හා පොලොන්නරු යුගයන්හිදී
නම් සාහිත්‍යය කටයුතු දියුණු වී ඇත්තෙ අනෙක් කලා ශිල්පයන් ද සමඟඅත්වැල් බැද ගෙනය,
එසේ වුවත් දඹදෙණි යුගයේ හා ඉන් පසු යුගවල හටගත් සංස්කෘතික දියුණුව ප්‍රධාන වශයෙන් සාහිත්‍යය අංශයටම සීමා වී සිටි බව පෙනේ
දඹදෙණිය,කුරුණෑගල ,ගම්පොල,කෝට්ටෙ යන යුගයන්හි සංස්කෘතික ප්‍රබෝධය ප්‍රකට වනුයේ ප්‍රධාන වශයෙන් සාහිත්‍යය අංශයෙන් පමණි"
(පිටුය 145)
"සරණංකර සාමරණෙරයන්ගේ මුල් අවධිය ගැන සලකන විට බෞද්ධ භික්ෂූන් වහන්සේද අතිශය පරිහානි තත්වයක සිටියහ.
එකල භික්ෂූන්ට ව්‍යහාර වුයේ "ගණින්නැහේ" "ගණින්නාන්සේ" " ගණේබණ්ඩාර යනාදි නම්ය"
(පිටුව 177)
සංඝරාජ සාධුචරියාව ඉදිරිපත් කරන මෙම ප්‍රවෘත්තිය සඟරජවත මෙලෙස සවිස්තරව දක්වයි.
දහම් ලෙස නොහැසි ර
කුල දුසණම කර කර
බණ නොඉගෙන එවර
නකත් වෙදකම් පුරුදු කර කර
එයින් ලොව සිත් ගෙන
වස්තුව උපදවා ගෙන
අඹු දරුවන් රකින
පමණමයි උන් පුරණ සිල් ගුණ
කෙසර සම් පොරවන
මහලු වදුරන් විලසින
රහත් දද ඇඳ ගෙන
චාටු තපසින් සසුන් කෙලෙසන
සැදැහැත්තන් පුදන
නොයෙක් පුජා ලබමින
නෑයින්ට බෙදමින
නිමල සස්නේ කසට තවරන
නියම පය හරිමින
විසිතුරු පිඟානක් ගෙන
පිඬු සිඟුම් හරිමින
මහණ අඟනුන් ලවා පිස කන
පෙර බුදුන් හැසුරුන
මඟට සරදම් කරමින
ගිහි ඇමතියන් මෙන
මහත් අබිමානයෙන් කල් යන
හෙරණ සඟගණ නෙක
කටයුතු තබා අනිකෙක
හැසිරෙමින් නොව සැක
සස්න නටඹුන් කරපු සිරිලක
(සඟරජවත :38-64 පද්‍ය =පිටුව 177/178)
"එකල ලියැවුණ අනෙක් ශෘංගාර පද්‍ය කෘතියකි දිසානායක මුදලි තුමාගේ මකරධ්වජය මේ කෘතියෙහි විරහ දුකින් පෙළෙනුයේ පුරුෂයා නොව පුරුෂයාගෙන් වෙන් වු ස්ත්‍රීයයි,
දී අත පෙර මැන්ඩ තන සිඹ සිඹ මුණ
ඒ ලෙස පසු වෙන්ඩ නොව වියොවම යාන
රෑ බැරි ඉවසන්න මද විදි පස බාන
ආලය දිගසින්ඩ මතු නොකරමි නෝන
(පිටුව 197)
Sinhala Sahithya Sampradaya - සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - A V Suraweera - ඒ වී සුරවීර
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789556773231
- Availability: Available
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 33