පුරුද්දක් ලෙස දිනපතාම මංජුසාව තුළ වූ සුරයේ උණුසුම පවතිනවාදැයි නිරීක්ෂණය කිරීම භූපතිගේ එදිනෙදා පුරුදු අතරට එක වී තිබුණි. විවර කල මංජුසාව තුලට අත දැමූ භූපතිගේ මුළු ජීවිතයම එක මොහොතකට නතර වූවක් මෙන් දැනුණි.
"මේ ආත්මේ වලව් භූමියේ ඉන්න තුරාවට මේ සුරේ රස්නෙයි මහත්තයා. වලව් භූමියට දාපු ආරක්ෂාව මොනම මොහොතකවත් නොබිඳෙන තැනට වග බලාගන්න එක අනිවාර්යයි. මතක තියාගන්න විශේෂයෙන් පුළුටු කෑම මේ භූමියට අකැපයි. එහෙම වුනොත් මේ සුරේ බල බිඳෙනවා."
වසර විස්සකට පෙර දෙසවන ශ්රවණය වූ වදන් භූපතිට යලි කන අසලම රැව් දෙන්නාක් මෙන් දැනෙන්නට විය. මෙය වූයේ කෙසේද? මංජුසාව තුල කිසිදු උණුසුමක් නැත. එසේ නම් ආත්මය නිදහස් වී ඇත. බියෙන් සලිත වූ භූපතිගෙ අතින් මංජුසාව බිම වැටුණේය.
Dumbara Walawwa - දුම්බර වලව්ව
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dilukshi Handapangoda - දිලුක්ෂි හඳපාන්ගොඩ
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245673278
- Availability: Available
-
Rs. 1,100.00