"එත් පාන්දරට මට නින්ද ගියා.. අය ඇහැරෙද්දීවත් තාත්තා ඇවිත් හිටියේ නැහැ..."
කතාව නවතා ඇය නැවතත් ගැඹුරු හුස්මක් ගත්තා.
"එදායින් පස්සේ කවදාවත් ආවේ නැහැ... අම්මා තාත්තට වෛරකරන්නේ නැහැ... තාමත් එයාට ආදරෙයි. මට ආයෙත් තාත්තව එකම එක පාරක් හම්බුණොත් ඇති...දන්නවද ඒ අයි කියලා..."
එවර ඇය හරිතගේ මුහුණ දෙස බැලුවා. ඔහු හිස දෙපසට වැනුවේ දන්නේ නැහැ කියන්න. දහරා අසරණ ලෙස සිනාසී ගැඹුරු හුස්මක් ගත්තා.
"මෂ් චූටි කාලේ කිව්වේ වැඩියෙන්ම ආදරේ තාත්තට කියලා... එයා ආය හම්බුණොත් මං කියනවා මං වැඩියෙන්ම ආදරේ අම්මට කියලා... මට එක වි..ත..ර..යි එයාට කි..ය..න්න ඕ..න..."
Kawurunda Ma Obe - කවුරුන්ද මා ඔබේ
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chami Thiyambara Hene Gedara - චමී තියඹරාහේනේ ගෙදර
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245673209
- Availability: Available
-
Rs. 1,990.00