ජානස් දෙවියාට මෙන්ම අධ්‍යාපනයට ද මුහුණු දෙකකි. ඒවා අතීතය හා අනාගතය දෙසට හැරී ඇත.රටක අධ්‍යාපනය සැකසීමේදී අතීත අත්දැකීම් තුළින් පන්නරය ලද උරුමයද ඊට සාපේක්ෂ වූ අනාගත අපේක්ෂාවන්ද ඉලක්ක කොට ප්‍රක්ෂේපණය කළ යුතු වේ.අධ්‍යාපන වෘත්තීය පිළිබද ඕනෑම පාඨමාලාවක තුලනාත්මක අධ්‍යාපනය යටතේ අධ්‍යාපන ඉතිහාසය හදාරණු ලබන්නේ එබැවිනි."බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපනය ප්‍රතිපත්ති" අපට අදටත් වලංගු වන්නේ තවමත් අප රට අධ්‍යාපනය එකී මූල පදනම මත පිහිටා ඇති බැවිනි.එනයින් අප අධ්‍යාපනයේ වත්මන් ජයග්‍රහණ මෙන්ම උරුම වූ ගැටළු අතුරු අන්තරාවලට ද බ්‍රිතාන්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති වගකිව යුතුවේ. ඒ පිළිබද කරුණු කාරණා මෙන්ම අදාළ හේතු සාධක මෙම කෘතියෙහි විග්‍රහාත්මකව විස්තර කර ඇත. එබැවින් මෙම කෘතිය තුලනාත්මක අධ්‍යාපනය හදාරණ විද්‍යාර්ථීන්ගේ මන දොළ සපුරාලනු නිසැකය.
Sri Lankawe Brithanya Yugaye Adhyapana Prathipaththi - ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - History - ඉතිහාසය
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Ananda Jayawardhana - ආනන්ද ජයවර්ධන
- ISBN: 9789555845359
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 25