''දෙවියනේ ඔයා කොහෙද මෙහෙ..?''
දෑස විසල් කරගත් මා ඇසුවේ අතිශය පුදුමයෙනි.උස්වූ මගේ ස්වරය අභියස ඔහුට තව තවත් සිනහ පහළ විය.කාර්යාලීය ඇඳුමෙන් සැරසී සිටි ඔහු වෙතින් වෙහෙසකර බවක් පළවුනද ඒ දුඹුරුවන් දෑසේ වූ නොසැලෙන බව බිඳකුදු නොවෙනස්ව පැවතුණි.මට වඩා වසර දහයක් පමණ වැඩිමල් වුවද කයිල් බොහෝ කඩවසම් යැයි හැඟුනෙන් මට ඒ පිළිබඳ සියුම් ආඩම්බරයක් නොදැනුනා නොවේ.
''ඔයා තවත් ලස්සන වෙලා සැමී..චූටි බයිසිකලේකුත් තල්ලු කරන් පල්ලම බහිද්දී මං හිතුවේ ඉස්කෝලෙ යන කෙල්ලෙක් කියල...ඔයාගෙම පන්තියේ ළමයිනුත් ඔයාට ඇහැදානවා ඇති කියලා මං කිව්වෙ බොරු නෙමේ..''
ඔහු පවසන කල මම හඬනගා සිනාසුනෙමි.
Sulaga Hemin Hamuwawe - සුළඟ හෙමින් හැමුවාවේ
- Publisher: Sanka Prakashakayo - සංඛ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kaushi Muthukumarana - කෞෂි මුතුකුමාරණ
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245626083
- Availability: Available
-
Rs. 580.00
- KBOOKS Cashback Rewards: 58