ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.
දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැරදැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.
ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළු මහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවයKomala Manawaka - කෝමල මාණවක
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shamel Jayakody - ශමෙල් ජයකොඩි
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9786245087730
- Availability: Out Of Print
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70