මැලේරියා වසංගතයට ගොදුරුව මරණයේ එලිපත්තෙහි සිටි ජනතාවක් වෙනුවෙන් නවසිය
තිස් ගණන්වල මුල් භාගයේදී රුවන්වැල්ලට ගිය ඇන්.ඇම්. පෙරේරා වසංගතයට වගේම,
හිත පිත් නැති රදල බලයට එරෙහිව මහ සටනක බර කරට ගත්තා. පිලිප්, කුසුමා,
ලෙස්ලි,විවියන් ගුණවර්ධනලා, කොල්වින්, කෙනමන්, දොස්තර වික්‍රමසිංහ,
බර්නාඩ් සොයිසා, හෙක්ටර් අබේවර්ධන වගේම සෙලිනා පෙරේරා ඇතුලු මානවහිතවාදීන්
මියෙන තුරුම ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. කාගෙද අඩුපාඩු නැත්තේ?
ඩී.එස් සේනානායකගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා රට පාලනය වුණු හැටියි, විජේවීරලා, ප්‍රභාකරන්ලා එක කාසියෙ දෙපැත්ත වෙච්ච හැටියි
ඈන්. ඇම් පෙරේරා ,ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ
බණ්ඩාරනායක,කොල්වින් ආර් ද සිල්වා,කෙනමන් , දොස්තර වික්‍රමසිංහ, ජේ.ආර්.
ජයවර්ධන, රෝහණ විජේවීර,ප්‍රභාකරන්,චෙල්වනායගම්, රණසිංහ ප්‍රේමදාස, ඩී බී
විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ
සමග
කින්නරී,
කොරසාමී, මේරි හාමු, සුන්දරා, බොස්සල්ලේ හාමුදුරුවෝ,ඉන්දතිස්ස පොඩි නම ,
මඩපාත ඉස්කෝලේ මහත්තයා,කෝමලී, කොයින්, තුන්කල්, කැමරා මහත්තයා, සින්දු
ධර්මේ, සමරපාල මුදලාලි, සෙනුර, එකමුතුව කියන අවුරුදු හැත්තෑවක කතාව.
චෙල්වනායගම්, අමිර්තලිංගම්, පොන්නම්බලම් මේ මාර්ගයේ ගමන් කළ ආකාරයයි
දියසේන කුමාරයා මේ අපේ මාතෘ භුමියේ උපදින්න පැකිලෙන කරුණු කාරනායි
කොයින් සහ තුන්කල්ගේ අමුතු ආදරයයි
එක්ක
අපිට හිමිවිය යුතුව තිබුණු අතීත පාරාදීසය අහිමිව යාමේ සෝචනීය සිද්ධි දාමයයි, ඉදිරි පරම්පරාවේ ඉරණමයි
තම්මැන්නා නවකතාවෙන්.
Thammanna - තම්මැන්නා
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 9789551470593
- Availability: Out Of Print
-
Rs. 1,450.00
- KBOOKS Cashback Rewards: 145