එහෙත්
බැලූ බැල්මටම මෙම යෞවනයා තමන්ට වඩා වයසින් ළා බාල බව හැඟුණු කාන්තාව එම
ඉල්ලීම එකවරම ප්‍රතික්ෂේප කළාය. එසේ ප්‍රතික්ෂේප කරද්දීත් ඇය වෙත බැඳුණු
තරුණයා ඇයට තමන් හා ජීවත් වීමට එන ලෙස ඉල්ලා බැගෑපත් වන්නට විය. ජීවිතය
නැමති අභාග්‍යසම්න්න ක්‍රීඩා පිටියෙන් අනන්ත අප්‍රමාණ ලෙස බැට කා සිටි තරුණ
ස්ත්‍රිය අනුන්ගේ බැලමෙහෙවරකම් කොට ඒ පීඩාව නිසාම තරුණයාගේ ඉල්ලීමට එකඟ
වූවාය. ඇය තම ස්වාමි දියණියගෙන්ද සමුගෙන යථෝක්ත තරුණයා සමග ඔහුගේ නිවසට ගියාය.
මේ රූමත් කාන්තාව දුටු රිය හිමියා ද තම පුතු රාගයෙන් බැඳුණු බව වැටහී
උපේක්ෂා සහගතව බවසා සිටියේ පසුව සුදුස්සක් කිරීමට තරයේ අදිටන් කරගෙනය.
ඉතා පැහැපත් රන්වන් සිරුරක් තිබූ සිය අභිනව යොවුන් සැමියා කෙරෙහි
කාන්තාවගේ සිත තුළ පැවැති ප්‍රේමය බලවත් විය. එහෙත් තම වියපත් බව ආරම්භ
වීමත් සමග ඔහු අන් කතක් විවාහ කරගනු අතැයි ද ඇය නිතර නිතර සිතන්නට වූවාය.
කලක් ගත වූ නමුත් ඇයට ඔහුගෙන් දරු සම්පතක් ලබන්නට නොහැකි විය. දරුවෙකු
පිළිබඳ ඇගේ සිතේ බලවත් අපේක්ෂාවක් තිබුණද එය ඉටුවන ලකුණු පහළ වූයේ නැත.
අවසානයේදී ස්වාමියා අන් බිරිඳක් ගෙන ඒමට තීරණය කළේය. ඔහුගේ තීරණයේ කිසිදු
වැරැද්දක් නොමැති බැව් වටහා ගත් කාන්තාව ඉතා උපේක්ෂා සහගතව ඒ තීරණයට එකඟ
වූවාය.
‘හිමියෙනි, නොදැන නොසිටියෙමි, ඔබ මට වඩා වයසින් ලාබාල හෙයින්
කෙදිනක හෝ මෙවැනි ප්‍රශ්නයකට මා හට මුහුණ දීමට සිදුවන බව ඒකාන්තයෙන්ම දැන
සිටියෙමි.’
කාන්තාව කඳුළු පිරි දෙනෙතින් පැවසුවාය.
‘ප්‍රිය සොඳුර,
අපගේ උරුමයන්ට හිමිකරුවෙකු අවශ්‍ය බව මපියාණන් නිරන්තරයෙන්ම මැසිවිලි
ෙදාඩන්නේය. එහෙත් මම කිසිදා ඔබට අහිතක් සිදු නොවීමට ප්‍රති ඥා දෙන්නෙමි’ යි
කියා තරුණ ස්වාමි පුරුෂයා ද සිය බිරිඳට පොරොන්දු වූයේය.
Uthpalawanna - උත්පලවණ්නා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Srima Lalani - ශ්‍රීමා ලාලනී
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556779356
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hansa Geethaya - හංස ගීතය
අද අප අතරින් ගිළිහෙමින් පවතින ගැමි සුන්දරත්වය යළි නූතන ලෝකයට විදාරණය කරමින් ඉඩම් හිමි ධනවත් පවුලක තර..
Rs. 325.00
Kumana Natum Keli - කුමන නැටුම් කෙළි
ලෝකෝත්තර විමුක්තිය උදෙසා ජීවිතය කැප කළ ද ලෞකික ආශාවන් සිත ඔද්දල් කරන ආකාරය රමණීය ලෙස ඉදිරිපත් කෙරෙන ..
Rs. 275.00
Uththarithara Yashodhara - උත්තරීතර යශෝදරා
බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂ ශ්‍රේෂ්ඨ කාන්තා චරිතාපදානයක් විවරණය කෙරෙමින් රචිත කලාත්මක හා දෘෂ්ටිමය දේඅංශ..
Rs. 350.00
Ambapaliya - අම්බපාලිය
බෞද්ධ සාහිත්‍යයේ සැබැවින්ම ජීවත් වූ චරිතයක් වන අම්බපාලි නගරශෝභිනිය පිළිබඳ තොරතුරු හා ඓතිහාසික විස්තර..
Rs. 275.00
Sudu Kahata - සුදු කහට
තේ කර්මාන්තය මෙරට ස්තාපිත කිරීම සඳහා මෙහි පැමිණෙන සුදු ජාතික ව්‍යාපාරිකයෙකුගේ තීක්ෂණ ව්‍යාපාරි..
Rs. 300.00
Saamawathi - සාමාවතී
ප්රාග් බෞද්ධ ජන සමාජයේ අධ්‍යාත්මික දොරටුවෙන් පිළිපන්, වෛරයට මෛත්‍රිය කළ ශ්‍රේෂ්ඨ බෞද්ධ සැදැහැවතියක ..
Rs. 300.00
Thambapanni - තම්බපන්ණි
සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යට යටවු ගැහැනියකගෙ කඳුලු හදවතින් දකිනා ඓතිහාසික ප්‍රබන්ධ නව කතාව...
Rs. 225.00
Bhadra Kundalakesa - භද්‍රා කුණ්ඩලකේසා
සියල් යසඉසුරුන් සපිරි සිටු මැදුරක අපරිමාණ සැපසම්පතින් ආඪයව සිටියද දිවි දෙවැනිකොට ස..
Rs. 300.00
Vishaka Situ Kumari - විශාකා සිටු කුමාරි
ගුණ ධර්මවලින් පිරි ආධ්‍යාත්මික පසුබිමක් තුළ ලබන උපරිම ආශ්වාදජනක සාමකාමි ධර්මනුකුල සැනසීම ආදරය ..
Rs. 200.00
Hansa Githaya - හංස ගීතය
අද අප අතරින් ගිළිහෙමින් පවතින ගැමි සුන්දරත්වය යළි නූතන ලෝකයට විදාරණය කරමින් ඉඩම් හිමි ධනවත් පවුලක තර..
Rs. 325.00
Ira Hewanali - ඉර හෙවණැලි
" වත්මන් සමාජ යථාර්තය මනාව පිළිබිබු කරන මෙම නවකතාව තුලින් වනචාරීන් සමාජගත වන අන්දමත් පසුව කාලයාගේ ඇව..
Rs. 300.00
Hemanthaye Wasanthayak - හේමන්තයේ වසන්තයක්
" නේවාසික අධ්‍යාපනය ලබන සිසුවියකගේ අත්දැකීම් පසුබිම් කර ලියු නව නිර්මාණයකි."..
Rs. 250.00
Piditha Sithata Sahanayak - පිඩීත සිතට සහනයක්
" නිරෝගී මනසක් උදෙසා මේ පොත ප්‍රයොජනවත් වේ."..
Rs. 425.00
Natum Guruwari - නැටුම් ගුරුවරි
" ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශ ආධාර ලබා ප්රකාශිතය."..
Rs. 350.00