මෙම කෘතිය අප මුහුණදෙමින් සිටින බහු-විධ අර්බුදය හමුවේ වාමාංශික දේශපාලනයට කිසියම් උපායමාර්ගික දැක්මක් යෝජනා කිරීමේ අරමුණින් ලියැවුණකි. එය සමකාලීන යුගයේ පශ්චාත්-මාක්ස්වාදී න්‍යායික සංවාදය සහ ගෝලීය දේශපාලන පරිවර්තන පිළිබඳ විශ්ලේෂණයක් ගෙන එයි; විසිඑක් වන සියවසේ සමාජවාදය පිළිබඳ නවීකාරක දැක්මක් ගොඩනැංවීමේ හැකියාව සාකච්ඡාවට ලක් කරයි; හුදු විරෝධතා දේශපාලනයෙන් ඔබ්බට ගිය ප්‍රතිජනනාත්මක වාමාංශික දේශපාලනයක් ගොඩනැංවීමේදී සැලකිල්ලට ලක් කළ යුතු පැතිමාන ගණනාවක් විමර්ශනයට ලක් කරයි. මෙයින් ආමන්ත්‍රණය කෙරෙනුයේ සමකාලීන සමාජ සහ දේශපාලන න්‍යායෙහි නව වර්ධනයන් පිළිබඳව උනන්දුවක් දක්වන හදාරන්නන්, සමාජයීය විද්‍යාවන් ඉගෙන ගන්නා සිසු සිසුවියන්, දේශපාලන විශ්ලේෂකයින්, ක්‍රියාකාරීන් සහ පොදුවේ ජාතිකමය සහ ගෝලීය දේශපාලන ක්‍රියාවලීන් පිළිබඳව උනන්දුවක් දක්වන පාඨක ප්‍රජාවය.
Wamanshika Janathawadayak Kara - වාමාංශික ජනතාවාදයක් කරා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Sumith Chaminda - සුමිත් චාමින්ද
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546572
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 35