ඔහුගේ යටි හිතේ පැවති ප්‍රබල පළමු ප්‍රේමය,''මොනාලිසා'' ගේ රුව හා,ඈ නිසා ඔහු සිතේ ඇති කළ චමත්කාරය,විටෙක,මා හා ශිලානි ආදී අපේ මිතුරු කාණ්ඩය සමඟ පවසා ඇත.ඔහු අප හා බැඳීමට එය හේතු වී දැයි මට විටෙක විමතියකින් යුතු වූ කුතුහලයක් ඇති වේ. ''මොනාලිසාගේ විවාහයෙන් පස්සේ... මන් හොඳටම පරාජයට පත් වුණා.. ඇය විවාහ කරල දුන්නේ,මරණ තර්ජන එල්ල කරලා.මැරෙන්න ඕනෑ යැ..ඒ විවාහයට කැමති වෙන්න මං කීවා.හිතුවක්කාරකම් කරන්න මං කැමති වුණේ නෑ...''
විරාගයේ අරවින්ද සිහි කරමින් එඩී ඒ කතාව කීවා.
Wasarakata Pasu - වසරකට පසු
- Publisher: Sanka Prakashakayo - සංඛ ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Padma Gunasekara - පද්මා ගුණසේකර
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245626151
- Availability: Available
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42