• Yama Dewduwage Bheeshanaya - යම දෙව්දුවගේ භීෂණය

සන්නස්ගල මහතා විසින් ගෙනෙන ලදුව කෞතුකාගාරයෙහි මහජන ප්‍රදර්ශනය සඳහා ථබාඅ ඇති කෞතුක වස්තු බැලීමට වික්ටර් ජයතුංගද ගොස් තිබුණේය. ඒ කෞතුක භාණ්ඩ අතර ශෛලමය පෙට්ටි තුළ තැන්පත් කර තිබුණු මළමිනී ඔහු දැක තිබුණේය. මේ ඔහු ඉදිරියේද බලා සිටින්නේ ඒ මළමිනියකි. දැන් මේ ඔහු ඉදිරියෙහි සිටින මළමිනියෙහි ප්‍රාණය තිබුණේය.


වික්ටර් ජයතුංග තුළ හොල්මන් කෙරෙහි විශ්වාසයක් නොවුවද එදා කෞතුකාගාරයේදී මළමිනී බලන විට හිතේ පිළිකුලක් මිශ්‍ර භීතියක් ඇති විය. නමුත් එය තාවකාලික වූවකි. දැන් මේ ඔහු ඉදිරියෙහි ඇත්තේ තමා විසින් සිතින් මවා ගන්නා ලද භූතයෙකුද ? ඔහු ක්ෂණිකව සිතන්නට විය. භූතයාගේ දෑස විදුලි ආලෝකය වැදී ගිනිපුලිඟු මෙන් දිළිසෙන්නට විය.  භූතයා ජයතුංග දෙස සුළු වෙලාවක් බලාගත්වනම සිටියේය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Yama Dewduwage Bheeshanaya - යම දෙව්දුවගේ භීෂණය

  • Rs. 430.00