නේත්‍රා දන්තණාරායන යනු කාලිංග සහ මේඛලා දන්තණාරායන දෙපලගේ වැඩිමහල් දියණිය වූවාය. ඇගේ බාල නැගණිය පරින්දි ය. හෙට දින පැවැත්වෙන නේත්‍රාගේ විවාහ මංගල්‍යය හේතුවෙන් සියල්ලෝම පසුවූයේ සතුටිනි. ඒත් නේත්‍රාට අවැසි වූයේ හෙට දිනය තෙක් නොසිට අද රැුයෙහිදීම චිරත්ව මුණගැසීමටය. චිරත් සමරදිවාකර යනු ඇගේ සහකරුය. හෙට දිනයෙහි ඔහුගේ බිරිඳ වීමට පෙර ඔහු සමඟ මොහොතක් ගත කිරීමට නේත්‍රා සිහින මැව්වාය. ඒත් එම තීරණය ගැන ඇගේ ආත්තම්මා පසුවූයේ දැඩි කෝපයෙනි. එහෙත් කෙසේ හෝ නැගණිය පාරින්දිගේ සහය ඇතිව ආත්තම්මාගේ කැමැත්ත ගත් නේත්‍රා නිවසින් බැහැර වන්නීය. එම අනුවණ ක්‍රියාව පිළිබඳව චිරත් සිටියේ මඳක් කෝපයෙනි. කෙසේ වීද ඇයව නගරය පුරා වටයක් ගෙන යෑමට අවසානයේ ඔහුට එකඟවීමට සිදුවිය.
එසේ චිරත් සමඟින් කාරයේ නැගී නගරය වටා සතුටුමත් කිරිල්ලිය මෙන් ඉගිල යන නේත්‍රාට ඉන් අනතුරුව සිදුවන්නේ ඈ කිසිවිටකදී නොසිතූ දෙයකි. ඔවුන් යන මාවත හරස් කරමින් ඔවුන් ඉදිරියට පැමිණෙන්නේ පාතාලයේ දරුණු මැරයන් කල්ලියකි. චිරත්ට පහරදුන් ඔවුන් පිරිස නේත්‍රාව පැහැර ගන්නේය.
Adaraneeya Cinderella - ආදරණීය සින්ඩරෙල්ල
- Publisher: Wimu Publishers - වීමු ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Wimukthi Sewwandi Perera - විමුක්ති සෙව්වන්දි පෙරේරා
- ISBN: 9789554149137
- Availability: Out Of Stock
-
Rs. 570.00
- KBOOKS Cashback Rewards: 57