පෙර දා සිහින වැල් පැටලී එකට බැඳ
අතීතය ම සිහි කැඳවන මැදින් මද
නිහඬ ව සියලු දේ සඟවා ඇතුළු හද
මට මා අහිමි බව යලි යලි කියන්න ද
දිරා ගිය මතක ඇද බැද තබන්න ද
කරා ඇදෙන හැම මිහිදන් කරන්න ද
දරා සියළු මේ අවනඩු අහන්න ද
මරා අඳුර එන පෙර මඟ බලන්න ද
මාවත් අතර සීතල සඳ පහන් රැයේ
කීවත් නොවෙන දේ තවමත් මතක තියේ
කාලය සමග දුර ඈතට ගිය ද පියේ
සමුගත් අතීතය ගොඩගනු නොහැක ළයේ
Iri Saha Thawath Iri - ඉරි සහ තවත් ඉරි
- Publisher: Agahas Publishers - අගහස් ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Sunil S Sirisena - සුනිල් එස් සිරිසේන
- ISBN: 9786245542093
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25