ඇලන් ක්වාටමන් හා ඔහුගේ මිතුරන් එකතුවී අප්‍රිකා මහද්වීපය මධ්‍යයේ සුදු හම
ඇති ජාතීන් ජීවත් වන රටක් සොයා වීර චාරිකාවක් දියත්කරයි.එම ගමනට සුලුලන්තයේ
ගෝත්‍රික නායකයෙකු වන අම්ස්ලොපොගාස් ද එකතු වේ.
මොවුන් ටානා ගඟ දිගේ ඉහලට යාත්‍රා කරමින් ගමන අරඹයි.
ගඟ දිගේ ඉහලට යන ගමනෙදි ඔවුන්ට ම්ලේඡ්ච මසායි ගෝත්‍රිකයන්ගේ ප්‍රහාරයකටද
ගොදුරු වීමට සිදුවේ. කෙසේ හෝ මසායින්ගෙන් දිවි බේරා ගන්නා ඔවූහු නැවතත් ගඟ
දිගේ ඉහලට ගමන අරඹයි. ඉන්පසු ප්වුන් අප්‍රිකා මහද්වීපය මධ්‍යයේ ඇති එකම
මිසනාරි නිවස වන හයිලන්ඩ්ස් දේවස්ථානයට පැමිණේ.
හයිලන්ස්ඩ් දේවස්ථානයේ නවාතැන් ගන්නා ඔවුන්ට තවත් අත්දැකීමකට මුහුණ දිමට
සිදුවේ. එනම්, මිෂනාරිවරයාගේ දුව වන ෆ්ලොසීව මසායිවරුන් විසින් පැහැර
ගැනීමයි. මසායිවරුන් හා ක්වාටමේන්ගේ සගයන් අතර අති බිහිසුනු සටනක් ඇති වේ.
Allan Quartermainge Veera Charikawa - ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව
- Publisher: Chandana Mendis Prakashana - චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Chandana Mendis - චන්දන මෙන්ඩිස්
- ISBN: 9789559682806
- Availability: Out Of Stock
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38