"ප්‍රභූවරය, ඔබ පිරුවටක් මෙන් පවිත්‍ර යයි හෝ අලුත පිපි සෙව්වන්දියක් මෙන් නැවුම් යයි හෝ සිතන්නෝ ද? ඔබට කවරාකාරයකින් හෝ ශුද්‍රයන් ගේ මුසුවීමක් නැති ද?"
"නැත! නැත! මා ගේ රුධිර නහර උදාර වූ ශාක්‍ය රුධිරයෙන් ම පිරී ඇත්තේ ය."
"එ සේ නම් ප්‍රභූවරය පිළිතුරු දෙන්න. ඔබගේ කෙත ඇත්තේ කොහි ද?"
"බිහිනුවර වේළුවනය අසල ය."
"ඒ අවට වසන්නෝ කවරහු ද?"
"ශුද්‍රයෝ ය."
"ශුද්‍රයන් වසුරු හෙළන බවත් ඔබ අසා තිබේද?"
"ශුද්‍රයෝ ද වසුරු හෙළති. ඒ සිතීම හා කතාකිරීම ද පිළිකුලකි. නින්දාවකි"
"පිළිකුල හා නින්දාව ගැන පසුව කතාකළ හැකි ය. ඔවුහු කොතැනක වසුරු හෙළත් ද?"
"ඒ දීනයන්ට තැන නො තැන කියා විශේෂයක් නැත. ඇතැම්විට ගෙ මිදුලෙහි ම වසුරු හෙළනු විය හැකි ය"
"ඔවුන් මහපොළවට වසුරු හෙළූ කල, වැසි වැස, ඔබ සිතන පරිදි සිතීමට ද පිළිකුල් ඒ වසුරු වතුරට මුසු ව ඔබ කෙත ආශ්‍රිත ව ගලන බව ඔබ නො දන්නෝ ද?"
"දනිමි"
"අතිශය පිළිකුල් සහගත ශුද්‍රයන් ගේ වසුරුවල සාරය ද උරාගෙන ඔබ ගේ ගොයම වැඩී, කරලින් බර වන බවත් නො දන්නෝ ද?"
"දනිමි"
"එසේ නම් ප්‍රභූවරය, ඔබගේ උතුම් ශාක්‍ය රුධිරයේ නො කිලිට ගැන යළි කතාකරන්න. මම නිහඬ ව අසා සිටින්නෙමි"
Ama Wessa - අමා වැස්ස
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Jayasena Jayakodi - ජයසේන ජයකොඩි
- ISBN: 9789555516908
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gothama Geethaya - ගෝතම ගීතය
‘ස්වාමීනි, තුන් කල්ම දන්නා ඔබවහන්සේ වෙත රැඳීම ප්‍රඥාගෝචර වන්නේ ය. මට කිසිදු බියක් සැකයක් නොමැති ව ඔබ..
Rs. 850.00
Pichchamala - පිච්චමල
ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත..
Rs. 600.00
Upeka - උපේකා
ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත..
Rs. 700.00
Sudu Neluma - සුදු නෙළුම
ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත..
Rs. 750.00
Sil Suwada - සිල් සුවඳ
ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත..
Rs. 900.00
Mahamera - මහමෙර
“ඒකත් එහෙම නම් තේ කෝප්පයක්වත් වත්කරන්න වේවි...”“ඒ මිනිහට යන්න කියන්න හාමුදුරුවනේ. ලොකු වින්නැහියකට ඔ..
Rs. 550.00
Baddegedara - බැද්දෙගෙදර
පිටිසර ගමක , හද්ද පිටිසරයින් මෙන් ජීවත් වූ ටිකෝනිස් හා යකොනිස් සා මුවන් සේ වූ අහිංසකයෝය. මැයිහාමි ඔව..
Rs. 450.00
Pama Wee Aa Wasanthaya - පමා වී ආ වසන්තය
ඈ කෙරෙහි බැදුණු සිත ඇය දකින වාරයක් වාරයක් පාසා අලුත් වූ බවත්,ඒ හුදෙක් ඇගේ සුන්දරත්වයට පමණක් නොවන බවත..
Rs. 500.00