අනේ! අනේ! විලියම් .මම එන්න බැරි වෙන්න හංගලා තිබ්බ තැනිනුත් බේරිලා ආවා
නේද? දැන් ඉතින් ලංකාවේ පවුල්වල ඉන්න අම්මලාට තාත්තලාට අක්කලාට
අය්යලාටත් මට දුන්න කරදර නොදී, මගඩි වැඩ , දඟකාරකම් අඩු කරලා වැඩිහිටියෝ
අමාරුවේ වැටෙන ප්රශ්න අහන්නේ නැතුව ,ගුරුවරු අමාරුවේ නොදා, දැන්වත් කීකරු
හැදිච්ච ළමයෙක් වෙන්න බලන්න "
විලියම්ට පණ දීලා අවුරුදු එකොළහක් තිස්සෙම විලියම්ව බලා ගත්තු රිච්මාල් ක්රෝම්ප්ටන් අද ජීවත් වෙලා හිටියා නම් ඔය විදිහට කියයි කියලා මට හිතෙනවා.මම හිතන්නේ ටොම් සෝයර් ,.විලියම්ගේ යාලුවෙක්මයි.මඩොල් දූවේ උපාලිත් ජින්නාත් වැඩිමල් සහෝදරයෝ වෙන්න ඇති.
දැන් ඉතින් කොහොම කොහොම හරි විලියම් ඔන්න සුසර පොත් ප්රකශකයොත් එක්ක හවුල් වෙලා 21 වැනිදා කොළඹ පොත් ප්රදර්ශනයටත් රිංගනවලු .
එහෙදි විලියම් හම්බ වුණොත් මග ඇරලා යන්න. විලියම්ට අහුවුණොත් ඉවර වෙනකන් වෙන වැඩක් නම් කරන්න බැරි වෙයි.
වැදගත්ම දෙයක් : හිනාව නවත්තා ගන්න බැරි අය නම් විලියම්ට අහුවෙන්නම එපා!
Ane Ane William - අනේ අනේ විලියම්
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Upali Rathnayake - උපාලි රත්නායක
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Richmal Crompton
- ISBN: 9789553309549
- Availability: Available
-
Rs. 890.00
- KBOOKS Cashback Rewards: 89