සිනහ කහටක් වෙන්ට
ඕනෑ ය !
වීදි ගලවා උගුල්ලා ඇදෙන
යෝධ කුහුඹැති දනෝ පුරෝගත්
බස් රියක කවුළු පියසක අගක
නිදි බරින් දෑස් හරවා ළැමට
යන මගී ඇසක දෙතොලක
අගිස්සක රඳන
සිනහවක් වෙන්ට මට ඕනෑ ය
පලඳවා හිස පැලඳි
අවසාන මල ද ,සුතඹුන් ගෙලෙහි
අත දරා ලංසුගත පොත් බෑග් ,වතුර බෝතල්
අහර පෙට්ටගම්
බස් රියේ පෙඟී වැසි මැද තෙමී
අව් පූටකේ දැවී දිය වෙවී
"ඒ නයින් " වන්දනාවේ යදින
අම්මලා පරපුරේ මූණු මැද
සිනහ දල්ලක් වෙන්ට ඕනෑ ය
වින්කලේ, සපතේරු ලෑල්ලේ
කඩල ගොටුවක ,ස්විප් කූඩුවක
සංසාර වීදියේ
දිවි මුට්ට කර ගහන
තාත්තා කෙනෙකු මුව
බුලත් හප සායමක් සේ මැවෙන
සිනහ කහටක් වෙන්ට මට ඕනෑ ය !!
Irthu - ඉර්තු
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Anuradha Nilmini - අනුරාධා නිල්මිණි
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786242040844
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60