වර්ජිනියා වුල්ෆ් විසින් රචිත “A Room of One’s Own” යනු සාහිත්‍යයේ සහ සමාජයේ කාන්තාවට වෙන් වුණ 'ඉඩ' පිළිබඳ කෙරෙන පෙරළිකාර ගවේෂණයකි.
වුල්ෆ් විසින් විශ්ව විද්‍යාල දෙකක පවත්වන ලද දේශන දෙකක් මත පදනම් වෙන මෙම කෘතිය, 1929 වසරේ ප්‍රකාශයට පත් වූවකි. විචිත්‍රවත් කතාන්දර, අතීත අවර්ජනා සහ පරිකල්පිත සිද්ධි ඔස්සේ තම තීක්ෂ්ණ බුද්ධිය ඉතා රසවත්ව මෙහෙයවමින් වුල්ෆ් ගොතා ඇති මෙම දීර්ඝ රචනය, කාන්තාවන්ගේ නිර්මාණාත්මක ප්‍රකාශනයට බාධාවක් වූ ඓතිහාසික හා සමාජීය බාධක සොයා යයි.
ස්ත්‍රීවාදී චින්තනයේ ප්‍රබල හඬක් නැඟූ වුල්ෆ්, "A Room of One’s Own” හරහා කාන්තාවන්ගේ නිදහස, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සෑම කාන්තාවකටම තමන්ගේ හඬ සොයා ගැනීමට ඇති අයිතිය සහ ස්වයං ප්‍රකාශනය සඳහා ලේඛිකාවකට වුවමනා කරන පුද්ගලික අවකාශයක ඇති අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියි.
'මගෙම තැනක්', වර්ජිනියා වුල්ෆ් විසින් රචිත මෙම ලෝකප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි
........................................................................
මනෝවිද්‍යාවේ එන මූලිකම ව්‍යායාමයක් වන මනෝවිශ්ලේෂණය ඇසුරෙන් මගේ සටහන් පොතේ ඇඳුණ ඒ සිතුවම දිහා බැලුවහම මම දැක්කා මමත් ඒ චිත්‍රය ඇඳලා තිබුණෙ කේන්තියෙන් බව. මම නිදහසේ සිහින දකිමින් ඉන්නකොට කේන්තිය විසින් මගේ පැන්සල උදුරගෙන ඒ සිතුවම ඇඳලා තිබුණා. ඉතින් කේන්තිය මෙතනට ආවේ කොහොමද? ආශාව, ව්‍යාකූල බව, පුදුමය, නීරස බව - උදේ වරුව පුරාම එකක් පිටිපස්සේ එකක් ආපු මේ හැඟීම් හැම එකකම මඟ සටහන් ගැන මට කියන්න පුළුවන්. ඒත් කේන්තිය? ඒ කියන්නේ, හැමදේම අතරින් රහසින් ඉදිරියට ඇදි ඇදී ආපු කළු නාගයා කේන්තියද? ඔව්, මගේ සිතුවම ඒක තහවුරු කරනවා නේද? ඉතින් ඒ සිතුවම, එකම එක පොතකට, එකම එක කියමනකට මගේ සිත යොමු කළා. ඒ පොත තමයි කේන්තිය කියන යක්ෂයාව අවදි කළේ. ඒ වෙන මොකක්වත් නෙවෙයි, කාන්තාවගේ මානසික, සදාචාරාත්මක සහ ශාරීරික දුබල බව පිළිබඳ ඒ මහාචාර්යවරයා රචනා කරපු පොත.
Magema Thenak - මගෙම තැනක්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Virginia Woolf - වර්ජිනියා වුල්ෆ්
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- - Ciara Mandulee Mendis - කියාරා මන්දුලී මෙන්ඩිස්
- ISBN: 9786246625139
- Availability: Available
-
Rs. 980.00