පසුබිම් හඬ - තමුසේ මෙතැන්ට එන්න පරක්කු වෙන්න වෙන්න මෙකි ටික ටික මාරයට ලං වෙයි හරි ද... තමුසෙගෙ අතේ තමයි මේකිගේ ජීවිතය තියෙන්නේ
රමිල - වැඳල කියන්නම් මන් ඉක්මණට එනවා.. එතකන් හංසලීට මුකුත් කරන්න එපා ප්ලීස්..
වීඩියෝ කෝල් එක කට් විය. නොසන්සුන්තාවය නිසාම ස්ටියරීන් වීල් එකට වේගයෙන් ගැසූ රමිල නැවතත් ජීප් රථය පාරට ගෙන වේගයෙන් ඉදිරියට ධාවනය
කළේය.
අකලංකට කරකවා අතෑරියා වැනි හැඟීමක් දැනෙන්නට විය. ස්ක්රිප්ට් එකේ විදියට කවුද මේ හංසලීව හිර කරගෙන රන්තුෂ් ව ලඟට ගෙන්වා ගැනීමට තැත් කළ පිරිස.. ඇත්තටම හංසලී මැරිලාද? මැරුණේ ඔවුන් අතින් ද? එතකොට සංජනා කවුද? මෙහි අගමුල දැන ගැනීමට නම් ස්ක්රිප්ට් එක මුල සිට අගටම කියවිය යුතු ය. එවිටම රන්තුෂ් මියගිය මොහොතේ පාදුර්භූත වූ නාඳුනන භික්ෂුව කියූවක්ද මතකයට නැගුනේය.
"මේ එකක්වත් හුදකලා සිද්ධි නෙවෙයි හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි.. ඉතින් ඒ පිළිබඳ ව සොයල ඵලක් නැහැ.. එත් මතක තියාගන්න සංසාරේ ඉතිහාසය චක්රයක්.. එකම දේ නැවත නැවත හමුවේවි.."
Esaga Heenaya - ඇසග හීනය
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Dineshara Punchihewa - දිනේෂර පුංචිහේවා
- ISBN: 9786246706005
- Availability: Available
-
Rs. 1,000.00