• Namak Nathi Pothak - නමක් නැති පොතක්

"අහ් ඔව්, මගේ අම්මා මාවයි තාත්තවයි දාලා යනකොට මට අවුරුදු දෙකක් තුනක් විතර ඇති. ඒ කියන්නේ මට අම්මා කෙනෙකුගේ ආදරය ලබෙන්නම ඕනී වයසක්. හැබැයි තාත්තා මාව ළමා නිවාසෙට භාර දීලා යනකොට මට අවුරුදු හයක් විතර ඇති. ඔයාට තේරෙන්නේ නැහැ තමන්ට තියෙන ආදරය, රැකවරණය, ආරක්ෂාව අහිමි වෙලා යනකොට දැනෙන හැඟීම. ඔයා කවදම හරි දැනිලා තියෙනවද විඳලා තියෙනවද මිනිස්සු මහා ගොඩක් අතර ඔයා තනි වෙච්ච හැඟීමක්. අන්න ඒ හැඟීම මට අවුරුදු දහඅටක් තිස්සේ දැනුණා. ඒ හැඟීම නැති වුණේ එදා ස්ටේෂමට ආව දවසේ. අපි මේ ලෝකෙට තනියම ආවා ගියාට මේ ලෝකේ ඉන්නතාක් කල් බැඳීම් කියන බැම්මෙන් අපේ ජීවිත බැඳෙනවා. බැඳීම් ඇති තැන්වලදී වගේම නැති තැන්වලදීත් මිනිස්සු විඳවනවා. අසරණ වෙනවා. තමන්ටම කියලා බැඳීම් නැති මිනිස්සු රික්තකයක් අස්සේ හිර වෙලා වගේ ජීවිතේ ඔහේ ගෙවිලා යන්න දීලා බලන් ඉන්නවා. එදා මම ස්ටේෂන් එකට ආවේ මාව මේ ලෝකෙට බිහි කරපු කෙනාව මුණ ගැහෙන්න."


                                                            ආකර්ෂා  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha