• Ruwanakara - රුවනාකර

මහත්තයා මන් වෙනුවෙන් මේ කරන දේවල්වලට මෂ් මහත්තයාට ආපිට ණය පියවන්නේ කොහොමද කියලා මං දැනගෙන හිටියේ නෑ. මං  ඒ ගැන කියනකොට මහත්තයා එක එක විහිලු කතා කියලා මට හිනා වුණා. මේ ගෙදර ඉන්නේ අර කාකි ඇඳුමෙන් මං දැකපු නිතීගරුක පොලිස් නිලධාරියා නෙමෙයි. බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන ප්‍රියමනාප ඉලන්දාරියෙක්. සතියට දවස් දෙකක්වත් මහත්තයා ගෙදර ආවා. එහෙම දවසට මගේ හිතේ මහත්තයා ගැන තිබුණු ගෞරවේටයි පැහැදීමටයි අමතරව මොකක්දෝ අමුතු සීතල හැඟීමක් තියෙනවා කියලා මට නොදැනුණා නෙමෙයි. එත් එහෙම හිතන එකත් පාපයක් කියලා  මගේ යටිහිත මට කිව්වා. අහසේ හඳ තිබුණට, ඒ හඳේ ලස්සන පොළොවේ ඉඳන් බැලුවට, හඳ අයිති කරගන්න හිතන එක මහා මෝඩකමක් කියල මම දන්නවා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha