තාරකා නගරවලා
ප්‍රේමය බරපතල වරදකි
එක ළඟ තරු දෙකක්
ප්‍රේම කර අහු උනොත්
තාරකා නගරයෙන්
එවෙලේ ම පිටුවහල් කරති
පිටුවහල් කරන තරු
රෑ මැද කඳුවලට කඩාගෙන වැටෙති
කඳු මැද නැවතී
ප්‍රිය විප්පයෝගයෙන් හඬති
මහා රෑ මැද්දේත් ළසෝ ගින්නෙන් දැවෙන තරු
අහස දිහා බලාගෙන තැවෙති
අහසට දෙස් දෙවොල් තබා අවසන
කඳු මුදුනෙන් බිමට පැන අතුරුදන් වෙති
තම තමං කළ වරදට අහසෙහි ඉතිරි තරු
දුකෙන් ලජ්ජාවෙන් මුහුණ සඟවති
ඕනෑකමෙන් අහස දිහා බැලුවොත්
හැම තරුවෙ ම ඇස්වල අග කඳුළු බින්දුවක් ඇති
Santhosha Vila - සන්තෝෂ විල
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- - M. K. C. P. Shasheen - එම්. කේ. සී. පී. ශෂීන්
- ISBN: 9786246043025
- Availability: Available
-
Rs. 600.00