Mikhail Saltykov Shchedrin - මිහායිල් සැල්ටිකෝවු ෂෙඩ්රින්
මිඛායිල් යෙවුග්‍රෆොවිච් සැල්ටිකෝවු ෂෙඩ්රින්
වර්ෂ 1827 ජනවාරි මස 26 වැනි දින ස්පාස්-යුගොල්හි දී උපත ලැබුවේ ය.
ඔහු ගේ චරිතාපදානාත්මක වාර්තා අල්ප වන අතර “මගේ සාහිත්‍ය නිර්මාණ, මගේ ආත්මකථාව වන්නේ ය” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ ය.
ඔහු ඉඩම්හිම් රදල පවුලකින් පැවැත එන අයෙක් විය. ඔහු ගේ ළමාවිය ගම්බද වතුයායක ගත ව ගියේ ය. ඔහු ගේ ම වදනින් ඒ පිළිබඳ ව පවසන්නේ නම්, “මා හැදී වැඩුණේ වැඩවසම් ක්‍රමයේ ඇකයෙහි ය; වහල් කාන්තාවක ගෙන් කිරි බී මම පෝෂණය වීමි. මා හදා වඩා ගත්තේ වහල් සේවිකාවන් විසිනි... වැඩවසම් ක්‍රමයට අයත් දාස භාවයෙහි පැවැති බියකරු බව හා ක්‍රෑර භාවය මම ඇසින් දිටිමි...” යනුවෙන් ඔහු සඳහන් කැර ඇත.
ඔහු ගේ සියලු නිර්මාණවල අරමුණ වූයේ වැඩවසම් ක්‍රමය නිරාවරණය කිරීම හා එය හෙළාදැකීම ය. මේ පිළිබඳ ව ගෝර්කි “19 වැනි සියවසේ දෙ වැනි භාගයේ රුසියානු ඉතිහාසය ෂෙඩ්රින් ගේ පිහිට නොමැති ව ඇගැයීමට ලක් කළ නොහැකි ය” යනුවෙන් සඳහන් කළේ ය.
රුසියානු නවකථා සම්ප්‍රදායයේ ප්‍රමුඛයකු වූ සැල්ටිකෝ ෂෙඩ්රින් 1889 මැයි මස 10 වැනි දින කීර්තිශේෂභාවෝපගත විය.