• Divimakulu Mansala - දිවිමකුළු මංසල

"මර්කරි ලයිට් පත්තුවෙලා රෑ එකොළහ දොළහ උනාම තමයි සැබෑ කොළඹ නිර්මාණය වෙන්නේ. කුඩුකාරයොයි, නයිට් ක්ලබ් ගානේ පිස්සු නටලා මත වෙච්චි ඇමති පුත්තුයි කළු සල්ලිකාරයන්ගේ අවලන් උද්දච්ච ගෑණුයි එළියට බහින වෙලාවක් මේක."


විමුක්තිව තල්ලු කරගෙනම ෂවර් එක යටට ගිය ස්වේතා ඔහුව තමන් දෙසට හැරවූවා ය. ඒ අඩවන් දෙනෙත් පුරා දිදුලන ආකර්ශනයේ ඇති දීප්තිය ඔහුට දරාගත නොහැකි තරම් විය. අගේ දෙතොල් පෙති හෙමි හෙමින් විවර වනු ඔහුට පෙනිණ.


"අපි හුදෙකලා කියලා හිතන්න එපා. මේ පහරදීම රටම දැකපු දෙයක්. විපක්ෂ දේශපාලකයෝ විතරක් නෙමේ... තානාපති කාර්යාල... විදේශ රටවල්, මානව හිමිකම් සංවිධාන මේ ගැන ලොකු අවධානෙකින් ඉන්නේ. ඉස්සර වගේ උස්සං යන්න ටයර් දාලා පුච්චන්න පුළුවන් කාලයක් නෙමේ මේ.. ." 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha